Author: Buzzer Editorial

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව තිබේ. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 430ක් ලබා ගත යුතු වෙයි. එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි. එංගලන්තය සිය පළමු ඉනිම සදහා ලකුණු 427ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 196කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ හෙට (01) සිට ඔක්තෝබර් මස 31 වනදා දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇති බවය. එරට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ, රේගු හා වරාය ආරක්ෂණය සදහා වන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට සහ වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට හෝ අදාළ විසා ඇතුලු ලියකියවිලි නීත්‍යානුකුලව සකසා…

Read More

ඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය X සමාගමට නියෝග කළේ බ්‍රසීලයට නව නීතිමය නියෝජිතවරයෙකු පත්කරන ලෙසටය. කෙසේ වුවද එම නියෝගය නියමිත කාලසීමාව තුළ සපුරාලීමට එක්ස් සමාගම අපොහොසත් වීමෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ (30) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බවය. ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1526කි. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් ද වාර්තා වූ බව මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Read More

*දූෂිතයන්ට දඬුවම් කිරීම*රණවිරුවන් සුරැකීම*පාස්කු වින්දිතයන්ට යුක්තිය*ආර්ථික පරාධීනත්වය පිටුදැකීම*රාජ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීම *කුල පීඩා අහෝසි කිරීම*සමාජ කුමන්ත‍්‍රණ පැරදවීම සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කිරීමේ උත්සවය, ව්‍යවසායක සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදී අද (31) පෙරවරුවේ පැවැත්විණි. මෙහිදී සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් ඩිජිටල් සන්නස මත දෑත තැබීමෙන් පසු උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරුණි. ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම වන මෙහි තේමාව වන්නේ, “එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” සර්වජන අදිටන් සම්මුතිය ලෙසය. පිටු 66කින් සමන්විත මෙම උපාය මාර්ගික සැලසුම තුළින් ජාතික පුමුඛතා ලෙස අත්‍යාවශ්‍ය නිවැරදි කිරීම් ක්ෂේත්‍ර අටක්…

Read More

ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටිමේ යෝජනාවක් අද (31) සම්මත වී තිබේ. මෙම ඒකමති යෝජනාව සම්මත වූයේ අද රැස්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ මණ්ඩල රැස්වීමේදීය. එම රැස්වීමේදී තීරණය වී ඇත්තේ නීතිඥ සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප සභාපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත් කිරීමටයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත් කරන ලද විශේෂ කමිටුවක් විසින් ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතරවු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් නිකුත් කළේ ය. එම වාර්තාවෙන් අනාවරණය වූයේ ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා අදාළ ගනුදෙනුවලදී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවයි. එම ගනුදෙනුවලදී කොන්ත්‍රාත්…

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (30 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196 කට දැවී ගියේය. ලකුණු 231 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්තය තවත් කඩුලු 9 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 256 ක් ඉදිරියෙන් සිටි අතර දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට ආරම්භක පිතිකරු බෙන් ඩකට් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 15 ක්ද, නායක ඔලී පෝප් නොදැවී ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. එංගලන්ත දෙවැනි ඉනිමේ…

Read More

දින දෙකක සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති අපේක්ෂකයින් කිහිප දෙනෙකු සහ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබේ. ඉන්දියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨතම තනතුරක් වන ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පැවරෙන ප්‍රධාන වගකීමක් වන්නේ අගමැතිවරයාට ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති හා විදෙස් කටයුතු පිළිබඳව උපදෙස් ලබාදීමයි. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ පස්වරුවේ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවිය . මෙම හමුවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය වෙනුවෙන් එම්.ඒ සුමන්දිරන්, එස්.ශ්‍රී ධරන් සමග ටෙලෝ සංවිධානයේ සෙල්වම් අඩෙයිකලනාදන්, ප්ලොට් සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජෙන්ද්‍රන් යන මන්ත්‍රීවරුන් සහභාගීවී සිටියේ ය. මේ…

Read More