Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

June 11, 2026

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 
  • එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
  • සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ
  • කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
  • දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 11
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ සම්පූර්ණ විස්තරය
News 3 Views

සර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ සම්පූර්ණ විස්තරය

Buzzer EditorialBy Buzzer EditorialAugust 31, 2024Updated:August 31, 2024No Comments5 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

*දූෂිතයන්ට දඬුවම් කිරීම
*රණවිරුවන් සුරැකීම
*පාස්කු වින්දිතයන්ට යුක්තිය
*ආර්ථික පරාධීනත්වය පිටුදැකීම
*රාජ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීම 
*කුල පීඩා අහෝසි කිරීම
*සමාජ කුමන්ත‍්‍රණ පැරදවීම

සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කිරීමේ උත්සවය, ව්‍යවසායක සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදී අද (31) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් ඩිජිටල් සන්නස මත දෑත තැබීමෙන් පසු උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරුණි.

ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම වන මෙහි තේමාව වන්නේ, “එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” සර්වජන අදිටන් සම්මුතිය ලෙසය. 

පිටු 66කින් සමන්විත මෙම උපාය මාර්ගික සැලසුම තුළින් ජාතික පුමුඛතා ලෙස අත්‍යාවශ්‍ය නිවැරදි කිරීම් ක්ෂේත්‍ර අටක් ඔස්සේ ඉදිරිපත් කර ඇත.

එනම්,

  1. දූෂිතයන්ට දඬුවම් කිරීම
  2. රණවිරුවන් සුරැකීම 
  3. පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම
  4. ආර්ථික පරාධීනත්වය පිටුදැකීම
  5. ගොවියා කර්මාන්තකරුවා මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සුරැකීම
  6. රාජ්‍ය යේ ස්වාධීනත්වය තහවුරු කිරීම
  7. කුල පීඩාවන් අහෝසි කිරීම
  8. සමාජය බිඳදමන කුමන්ත්‍රණ පරාජය කිරීම

අභිමානවත් ජාතික අන්‍ය්‍යතාවක් සහිත සමෘද්ධිමත් රටක් බිහිකර ගැනීමට සියලුම ලාංකිකයින් බලගැන්වීම සඳහා වන මෙම උපාය මාර්ගික වැඩපිළිවෙල තුළින් සර්වජන බලය ව්‍යවසායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබේ.

රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය සුහුරු පාලනයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම, විශිෂ්ඨයෝ නමින් අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමුකිරීම, හරිත දිගන්තය මගින් පරිසරය කෙරෙහි අවධානය යොමුකිරීම, බිසෝ කොටුවෙන් ඔබ්බට නමින් තාක්ෂණය නව මාවතකට ගෙන ඒම යන මූලිකාංගවලට ඇතුළත් ය.

එමෙන්ම, 

පළමුව තාරුණ්‍ය අභිප්‍රේරණය කරමින් තරුණ ශක්තිය ජාතියේ වර්ධනයට දායක කරගැනීම

සුවපත් මිනිසුන් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය කිරීම

හිතේ හයිය ලෙසින් සමාජ සුබ සාධනය ගොඩනැංවීම

පන්නරය ලෙසින් කර්මාන්ත විප්ලවයක් ඇතිකිරීම

බලයෙන් බලවත් බලශක්ති ක්ෂේත්‍රයක් ගොඩනැංවීම 

ගතට සතුට ලෙසින් ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම එකමුතු ලෙස ජාතික සමගිය වර්ධනය කිරීම

මානව සම්පත් අභිප්‍රේරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලබාදෙමින් සෑම ලාංකිකයෙකුටම උපතේදීම ඩිජිටල් අනන්‍යතාවක් ලබාදීම

පුරවැසියාගේ ජනජීවිතය උසස් කරලීම සඳහා නවමු වැඩපිළිවෙළක්

සුහුරු පාලනයක් තුළින් රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය ව්‍යවසායකත්ව රාජ්‍යයකට සරිලන ලෙස පරිපාලන පද්ධතියක් ගොඩනැගීම කෙරෙහිද සර්වජන උපාය මාර්ගික සැලසුමෙන් අවධානය යොමුකර තිබේ.

මේ සඳහා දේශපාලන මැදිහත්වීමකින් තොරව කුසලතා මත පදනම් විභාග ක්‍රමයකින් රාජ්‍ය සේවය සවිමත් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ දත්ත කළමනාකරණ නියෝජිත ආයතනයක් පිහිටුවමින් සියලුම පුරවැසියන් සඳහා සර්වජන බලය ආණ්ඩුව පිහිටුවීමෙන් මාස 3ක් තුළ නීති සම්පාදනය කිරීම.

උපාය මාර්ගික සැලසුමෙහි ආණ්ඩුකරණය සහ පරිපාලන කටයුතු පරිවර්තනීය සහ ධරණීට මාවතක් ඔස්සේ දේශයේ ප්‍රමුඛතාවයක් කරා යොමුකරවන දූෂණයෙන් තොර වැඩපිළිවෙළක් ද හඳුන්වා දී ඇත.

ගුවන, භූමිය, සයුර භාවිත කරමින් භෞතික සම්පත් ප්‍රශස්ත ලෙස ආර්ථික වර්ධනය, තිරසරබව සහ සමාජ යහපැවැත්ම උදෙසා කළමනාකරණය කිරීමද සර්වජන බලය උපාය මාර්ගික සැලසුමෙහි තවත් අරමුණකි.

රන්වැට ලෙසින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද සැලසුම් දියත් කර තිබේ.

එමෙන්ම, සියලු පුරවැසියන් සඳහා සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා ගෝලීය අභියෝගනට මුහුණදෙමින් උපායමාර්ගික ආයෝජන මගින් නිෂ්පාදනය ආර්ථිකයක් බිහිකිරීමත් සර්වජන බලය උපායමාර්ගික සැලසුමෙයි ප්‍රධාන අරමුණක් වී ඇත.

————————————————-

රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය – ‘සුහුරු පාලනයක්’

  1. කුසලතාවට මුල්තැන
  2. සැමට සම පරිපාලන ඒකක
  3. ඒකාබද්ධ රාජ්‍ය සේවා වේදිකා
  4. යාවත්කාලීන කළ වැටුප්
  5. ඩිජිටල් සහායෙන් සීමා නිර්ණය කිරීම

සුහුරු පාලනය අනිවාර්ය අංගයක් බවට පත්වන උසස් තාක්ෂණික ප‍්‍රවේශයක් සමගින් ව්‍යවසායකත්ව රාජ්‍යයට සහාය වීම සඳහා ශක්තිමත් පරිපාලන පද්ධතියක් ගොඩනැගීම මින් සිදු කෙරේ.

රාජ්‍ය සේවයේ වැටුප් තීරණය කිරීම ජාතික මානව සම්පත් අධිකාරියේ නිර්දේශ අනුව පමණක් සිදු කිරීම.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම දේශපාලන මැදිහත්වීමෙන් තොරව කුසලතා මත පදනම් ව විභාග ක‍්‍රමයකින්
පමණක් සිදුකිරීම.

——————————————-

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණය සඳහා වූ උපාය මාර්ගිය සැලැස්මේ බදු සම්බන්ධයෙන් ද විශේෂ වෙනස්කම් රැසක් ඉදිරිපත් කර තිබේ.

සියලු පුරවැසියන් හට සමානාත්මතාවය මත පදනම් වූ මූල්‍ය ස්ථාවරත්වයක් සහ දියුණු ජීවන තත්ත්වයක් සහතික
කරමින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික විභවයන් උපරිම කරන ශක්තිමත්, විනිවිදභාවයෙන් යුත් තිරසර මූල්‍ය කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම ඉන් අපේක්ෂා කෙරේ.

නූතන මූල්‍ය සම්පත් කළමනාකරණය පිළිබඳ දැක්ම – ‘ධනවත්’

  1. කාර්යක්ෂමව බදු අය කිරීමේ ක‍්‍රමවේදයක්
  2. මුල්‍ය ආයතන ශක්තිමත් කිරීම
  3. බදු අය නොවන ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම
  4. මූල්‍ය සේවාවන් සඳහා තාක්ෂණය
  5. බදු අයකිරීමේ ඩිජිටල් වේදිකාවක්

බදු එකතු කිරීම විධිමත් කිරීම, පැහැර හැරීම අවම කිරීම සහ අනුකූලතාව වැඩිදියුණු කිරීම සඳහා බදු අය කිරීමේ පුළුල් ඩිජිටල් ක‍්‍රමයක්.

ඍජු බදු ආදායම 40%ක් ද වක‍්‍ර බදු ආදායම 60%ක් ද වන ලෙස රාජ්‍ය බදු ආදායමේ ව්‍යුහය වෙනස් කරගැනීමට අපේක්ෂා කරයි.

රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයන් සහ කල්බදු ගිවිසුම් හරහා රජය
සතු වත්කම් භාවිතය ප‍්‍රශස්ත කිරීම.
 
කොළඹ කොටස් වෙළෙඳපොළ වැනි ශ‍්‍රී ලංකා කෘෂි නිෂ්පාදන හුවමාරුව නමින් භාණ්ඩ හුවමාරුවක් (Comodity Exchange) ස්ථාපිත කෙරේ.

විදෙස්ගත ශ‍්‍රමිකයන් ආසන්න වසර තුනේදී රටට එවා ඇති විදේශ විනිමය ප‍්‍රමාණය අනුව දරුවන් පාසලකට ඇතුළත් කිරීමේදී අමතර ලකුණු ලබාදීම වැනි මූල්‍යමය නොවන දිරිගැන්වීම්.

විදේශයන්හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ට ඉහළ විනිමය අනුපාත සහ අවම ගනුදෙනු ගාස්තු වැනි විධිමත් ක‍්‍රියාමාර්ග හරහා මුදල්
ප්‍රේෂණය කිරීමට දිරි ගැන්වීම.
 

——————————————

සියලු පුරවැසියන් සඳහා තිරසර වර්ධනයක් සහ සමෘද්ධියක් සහතික කරන ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ උපාය මාර්ගික ආයෝජන මගින් මෙහෙයවනු ලබන ගෝලීය වශයෙන් තරගකාරී, ගතික, අභියෝගයන්ට මුහුණ දිය හැකි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම ද සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපාය මාර්ගිය සැලැස්මේ ඇතුළත් ය.

ආර්ථිකය – ‘පොහොසත්’ලෙස හඳුන්වාදී ඇති එම සැලැස්ම ප්‍රධාන කොටස් 16කින් සමත්විත වෙයි.

  1. නිෂ්පාදන ආර්ථිකය
  2. මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය
  3. සංවර්ධන බැංකුව
  4. දැරිය හැකි පොලියට ණය
  5. Startup ශ‍්‍රී ලංකා ඩිජිටල් ව්‍යවසායකත්ව අරමුදල
  6. ජාතික ණය කළමනාකරණ ආයතනය
  7. ස්වාභාවික සම්පත් කළමනාකරණ අධිකාරිය
  8. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම 

නිෂ්පාදන ආර්ථිකය යටතේ කාර්යක්ෂම දේශීය නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමට අවශ්‍ය දැනුම, ප‍්‍රාග්ධනය, තාක්ෂණය ලබාදීමට සහ වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම
සහතික කෙරේ. 

ව්‍යවසායකත්ව ක‍්‍රියාකාරකම් හා මූල්‍ය කළමනාකරණය අධීක්ෂණය සහ සහාය දැක්වීම සඳහා කැප වූ අමාත්‍යාංශයක් පිහිටුවා සම්බන්ධිත සියලු ආයතන ඒ යටතට පත්කිරීම.

නවමු සහ කුඩා ව්‍යාපාර සඳහා අඩු වියදම්, විකල්ප අරමුදල් සැපයීමට බැංකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට දැරිය හැකි පොලියට ණය සහ අරමුදල් ලබාදීම.

ගෝලීය පුද්ගලික අංශය සමග සහයෝගයෙන් ඩිජිටල් ව්‍යවසායකත්ව අරමුදලක් දියත් කිරීම.

තනි, හවුල්, සමිති, සීමිත සමාගම් හෝ වෙන්චර් කැපිටල් ස්වභාවයේ ව්‍යාපාර ආකෘති බලගන්වමින් සාර්ව ආර්ථික ප‍්‍රසාරණයක් සඳහා සංවර්ධන ණය ලබාදීම.

ආණ්ඩුවට ණය ලබාගත හැකි උපරිම සීමාව ජාතික ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.

සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි…

ජාතික උපාය මාර්ගික සැලැස්ම by poornima on Scribd

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleනීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලා, ඒක මතික යෝජනාවක්
Next Article මැතිවරණ පැමිණිලි 1500 ඉක්මවයි
Buzzer Editorial

Related Posts

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

June 11, 2026

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

June 11, 2026

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ

June 11, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical June 11, 20262 Views

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

By Buzzer EditorialJune 11, 202602 Views

ආහාර පිළියෙල කිරීමේදී සහ පරිභෝජනයේදී ප්‍රමිතිකරණයක් නොමැති ප්ලාස්ටික් මෙවලම් භාවිතය නිසා හෘදරෝග, පිළිකා,හෝමෝන අසමතුලිතා ඇතුළු…

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ

June 11, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 
  • එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
  • සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ
  • කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
  • දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.