Author: Buzzer Editorial

කමිඳු මෙන්ඩිස් තම මුල් ටෙස්ට් තරග හතෙහිම පිතිකරුවෙක් ලකුණු 50 ඉක්මවා ලබා ගැනීමෙන් තබා තිබූ ලෝක ටෙස්ට් වාර්තාව සම කළේය. ඒ අනුව කමිඳු ඔහුගේ පළමු ටෙස්ට් තරගයේ සිට මේ දක්වා සහභාගී වූ සෑම ටෙස්ට් තරගයකදීම ලකුණු 50 ඉක්මවා තිබේ. නවසීලන්තය සමග මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී මෙම දස්කම දැක්වීමට ඔහු සමත් විය. පාකිස්තානයේ සවුද් ෂකීල් මීට පෙට මෙම දස්කම කළ එකම අනෙක් පිතිකරු වේ.

Read More

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. ඒ, කිරුලපන හා නාරාහේන්පිට අතරදී දුම්රිය මාර්ග නඩත්තු හා භාණ්ඩ ප්‍රවාහන රථයක් පීලී පැනීම හේතුවෙනි. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කෙසේ වෙතත් වග සිට නුගේගොඩ දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි. පීලි පැනීමට ලක් වූ රථය පීලිගත කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Read More

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ, අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා මියයාමෙන් පසු ඔහු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නම් කරන ලෙසට අදාළ අපේක්ෂකයා යෝජනා කළ තැනැත්තාට දැනුම් දුන් බවයි. කෙසේ වෙතත් එම දැනුම් දීමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැත . ඒ අනුව, අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතාගේ නම ඡන්ද විමසීමට අදාළ ලේඛණ වලින් මෙන්ම ඡන්ද පත්‍රිකාවෙන් ද ඉවත් කරනු ලැබු බව සලකන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

Read More

ජනාධිපතිවරණය සඳහාවූ සියලුම ප්‍රචාරක රැස්වීම් අද (18) රාත්‍රි 12.00 ට අවසන් කළයුතු අතර එම රැස්වීම් පිළිබඳව වාර්තා සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විකාශය කිරීම හෙට (19) දහවල් 12.00 න් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරන ලද මාධ්‍ය උපමානයන්ට අනුව අදින් අවසන් කෙරෙන ප්‍රචාරක රැස්වීම්වලට අදාල දර්ශන ,ඡායාරූප සහ විස්තර අද දින රාත්‍රි සහ හෙට දහවල් 12.00 ප්‍රවෘත්ති විකාශවල මෙන්ම හෙට දින උදෑසන ප්‍රවෘත්ති පත්‍රවල පමණක් විකාශය කිරීම හා පළකිරීම කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඒ අනුව හෙට දහවල් 12.00 න් පසුව ජනාධිපතිවරණ ප්‍රචාරක…

Read More

සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග දෙකකින් සමන්විත මේ තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය දෙපිලටම වැදගත් බැවින් ගාලු තණතිල්ලට අනුව උපක්‍රම රැසක් ක්‍රියාත්මක කිරීම සැලසුම වේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් වන මේ තරගාවලියට එක්වන නවසීලන්ත පිල ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එකම ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ශ්‍රී ලංකාව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස නිමාකොට මේ තරගාවලියට මුහුණ දේ. එංගලන්ත සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා සංචිතයේ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක, මඳ වේග පන්දු යවන කසුන් රාජිත හා නිසල තාරක මෙවර සංචිතයෙන් ඉවත් කොට…

Read More

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණි. දකුණු ආසියාවේ දැවැන්ත වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාවක් වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 27කි. මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණවලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරෙන…

Read More

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරන ලද මැතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාල අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා පහත පරිදි රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 තරගාවලියේ දී ක්‍රීඩිකාවන්ටද ක්‍රීඩකයන් හා සමාන ත්‍යාග මුදල් පිරිනැමීමට තීරණය කිරීම නිසා ක්‍රීඩා ඉතිහාසයේ සැළකිව යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට නියමිතව තිබේ. 2023 ජූලි මාසයේදී ICC වාර්ෂික සමුළුවේදී මෙම තීරණය ගනු ලැබිණි. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව පිරිමි සහ කාන්තා ලෝක කුසලාන ඉසව් සඳහා සමාන ත්‍යාග මුදල් පිරිනමන එකම ප්‍රධාන පෙළේ කණ්ඩායම් ක්‍රීඩාව බවට පත් වේ. මේ යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරඟාවලියේ ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් මිලියන 2.34ක් ලැබෙනු ඇත. එය 2023 දී දකුණු අප්‍රිකාවේදී ඕස්ට්‍රේලියාව ජය ලැබූ අවස්ථාවේ ඕස්ට්‍රේලියාවට ප්‍රදානය කරන ලද ඩොලර් මිලියනයක මුදලට වඩා සියයට 134ක වැඩිවීමකි. අනුශූරියන්ට ඩොලර් මිලියන 1.17ක්…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැත්තාව ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබේ. මීගොඩ පොලීසිය පැවසුවේ ඔහු පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම අපරාධය සිදුකර ඇති බවය. පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අනියම් සම්බන්ධයක් පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇති බවය. ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මුගුරකින් හිසට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර එහිදී බරපතළ තුවාල ලැබූ සම්පත් ගමගේ නමැත්තා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. ඝාතනය සිදු කළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැත. මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු…

Read More

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධි දෙකක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන රජයේ ගුරුවරයෙකු සිය අනුමාන ප්‍රශ්න පත්‍රය තුළ මෙවර ශිෂ්‍යත්ව විභාගයට බොහෝ දුරට සමාන ප්‍රශ්න සහිතව ලබා දී ඇති අතර ඔහු සිය සමාජ ජාල, සමූහයක ද එය පළ කර විභාගය පැවති 15 වන දින අලුයම මකා දමා ඇති බව මව්පියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. ඊට අමතරව, තවත් මව්පියන් පිරිසක් චෝදනා කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල අනුමාන ප්‍රශ්න පත්‍රයක ද එම ප්‍රශ්න අඩංගුව තිබූ බව ය. විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් මේ ආකාරයට…

Read More