Author: Buzzer Editorial

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය අද (20) උදෑසන ආරම්භ විය. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 13,421කට ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය ඒ අනුව යොමු කරන බවයි. ඒ සඳහා පිහිටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1234 කි. ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ 50000 කට අධික පිරිසක් යොදවා ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය . ප්‍රධාන ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. මේ අතර , ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය…

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අලුයම විදේශ ගත වූ බව වාර්තා වේ.ඒ ජනාධිපතිවරණයට දිනයක් තිබියදීය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අලුයම 3.05ට ඩුබායි බලා පිටත් වූ EK 659 දරණ එමිරේට්ස් ගුවන් සේයට අයත් යානයකින් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එහි සිට ඔහු ඇමෙරිකාව බලා ගමන් ගන්නා බව එම ආරංචි මාරග සඳහන් කරයි. හිටපු අමාත්‍යවරයා ගුවන් ගොටුපළේ ගෝල්ඩ් රූට් විශේෂ ප්‍රවේශයෙන් ඇතුළු වී ඇති අතර, ඔහු ගමන් කර ඇත්තේ තනිවමය. රාජපක්ෂ මහතා , හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමෙන්තු මන්ත්‍රි සංජීව එදචිරිමාන්න සහ ජයනත කැටගොඩ ද සමඟ ගුමන් තොටුපළට පැමිණි බව වාර්තා වේ.…

Read More

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 116 දෙනෙකු ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට දිවයිනට පැමිණ තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 78 දෙනෙකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ද මේ වන විට දිවයිනට පැමිණ සිටී. ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 9 කි. මේ අතර, මැතිවරණ කොමිසමේ ආරාධනය මත දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහාපැමිණි බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.. කොමිසම පැවසුවේ, ඔවුන් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා දිස්ත්‍රික්ක 25 සඳහා පිටත්ව ගොස් ඇති බවයි. එම නිලධාරින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සියලුම පොලිස්…

Read More

ඒ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවල නිරත වූ බවට පැමිණිලි ලැබීම හේතුවෙනි. හම්බන්තොට දිස්ත්‍රීක් තේරිම්භාර නිලධාරී එම්.පී. සුමනසේකර මහතා සඳහන් කළේ එම පිරිස් අතර ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා මහජන පරික්ෂකරුන්ද සිටින බවයි. තවත් රාජ්‍ය නිලධාරීන් දස දෙනෙකු පිළිබඳව ද පැමිණිලි ලැබී ඇති අතර ඔවුන් පිළිබඳව ද මැතිවරණ කොමිසම දැනුවත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළේය. මේ අතර මැතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය නිලධාරින් කිසිවකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වමින් අපක්ෂපාතිව ක්‍රියා කරනු ඇතැයි අපෙක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ‍ රාජ්‍ය නිලධාරීන් ඡන්ද දායකයින් හා අපෙක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ බලයලත් නියෝජිතයින්…

Read More

කිසිම අපහසුතාවකින් තොරව ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබාගනිමින් සිටින නවසීලන්ත පිතිකරුවෝ ගාල්ල ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (19 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටියහ. ශ්‍රී ලංකාවේ ලකුණු 305 අභිබවා යාමට ඔවුන්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 50 ක් පමණි.  ලෝකයේ අංක 2 හිමි ටෙස්ට් පිතිකරුවා වන කේන් විලියම්සන් (55) සහ රචින් රවීන්ද්‍ර (39) දෙදෙනාවම ලකුණු 09 ක් ඇතුළතදී දවාගැනීමට ධනංජය ද සිල්වා සමත් වූයේය. එහෙත් එතැන් සිට එක්වූ ඩැරිල් මිචෙල් (නොදැවී 41) සහ ටොම් බ්ලන්ඩ්ල් (නොදැවී 18) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක අඛණ්ඩ සම්බන්ධතාවක්…

Read More

අද (20) දිනයේ සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40ක -45ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා පත්කර ඇති සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. මෙරට 09වන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙයි. ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, විශේෂයෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුළ ඔබ විසින් ඡන්දදායකයන් හා ඡන්ද අපේක්ෂකයන් හා ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් සමග සුහද සම්බන්ධතාවෙන් ක්‍රියා කළ යුතුය. ඔවුන් සමග කටයුතු කිරීමේදී අර්ථාන්විතව, කාරුණිකව, ඉවසීමෙන් ක්‍රියා කිරීම මැනවි. කිසිවෙකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වන්න. ඔබගේ රාජකාරී අපක්ෂපාතීත්වය තීරණාත්මක විමසුමකි. එමගින් නිදහස් හා සාධාරණ වාතාවරණයක් තුළ තම හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතින බව ජනතාවට ප්‍රදර්ශනය වනු පමණක්…

Read More

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තීරණය කර ඇත. ඉතාලියේ දේපළ වෙළඳාම් සමාගමක් වන ඩ්‍රිමර් රියල් ස්ටේට් වෙත ‘‘පල්මියෙරි විලා” වෙත විකිණීමේ වගකීම පැවරී තිබේ. ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ කඳුකරයේ පිහිටි පල්මියෙරි සංචාරක නිවහන ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස ද සැලකෙන අතර පල්මියෙරි සංචාරක නිවහන මිලදී ගන්නකුට බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයෙන් කොටසකට උරුමකම් කීමට හැකියාව ලැබෙනු ඇත. වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍ය රජ කිරුළ හෙබවූවත් ඉතාලියේ සුන්දරත්වය සහ සන්සුන්භාවයට බෙහෙවින් ඇලුම් කර ඇති අතර 1888 වසරේ දී ප්‍රථම වරට ඇය පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ…

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳ ව මතු ව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබන බවය. එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණි. ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේ ද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03…

Read More

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ. ඒ අනුව ඔහුට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ, ප්‍රාන්ත හෝ වෙනත් ක්‍රිකට් සංගමයක හෝ බිග් බෑෂ් කණ්ඩායම් වල කිසිදු තනතුරක් දැරීමට ඔහුට තහනම් ය. එරට ක්‍රිකට් බලධාරීන් සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවෙක් ලෙස සේවය කරන විට ඔහු “නුසුදුසු හැසිරීමක්” සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි. පසුව එම චෝදනා සඳහා ඔහු වැරදිකරු බව සනාථ විය.

Read More