Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් තීරණය
News 1 Views

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් තීරණය

Buzzer EditorialBy Buzzer EditorialSeptember 17, 2024Updated:September 17, 2024No Comments3 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධි දෙකක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන රජයේ ගුරුවරයෙකු සිය අනුමාන ප්‍රශ්න පත්‍රය තුළ මෙවර ශිෂ්‍යත්ව විභාගයට බොහෝ දුරට සමාන ප්‍රශ්න සහිතව ලබා දී ඇති අතර ඔහු සිය සමාජ ජාල, සමූහයක ද එය පළ කර විභාගය පැවති 15 වන දින අලුයම මකා දමා ඇති බව මව්පියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

ඊට අමතරව, තවත් මව්පියන් පිරිසක් චෝදනා කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල අනුමාන ප්‍රශ්න පත්‍රයක ද එම ප්‍රශ්න අඩංගුව තිබූ බව ය.

විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් මේ ආකාරයට බොහෝ දුරට සමාන වන ආකාරයෙන් විභාගයට පෙර ලබා දී ඇති අතර මේ පිළිබඳව කඩිනමින් පියවරක් ගන්නා ලෙස මව්පියන් විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳව ‘මව්බිම’ කළ විමසීමේදී අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, තමන්ට ලද පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කළ බව ය.

ඒ අනුව, අද (සැප්. 17) දිනයේදී මෙම ප්‍රශ්න පත්‍රය සෑකසීමට දායක වූ විශේෂඥ මණ්ඩලය සහ අදාළ පාර්ශ්ව ගෙන්වා සාකච්ඡා කරන බව ත් යම් අසාධාරණයක් සිසුන්ට සිදුව ඇත්නම් ඊට අදාළව කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ත් අවධාරණය කළේ ය.

පෙරේදා (සැප්. 15) දිවයින පුරා පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර ඡායාරූප ගත කොට තවත් ගුරුවරුන් පිරිසක් වෙත යැවූ විභාග මධ්‍යස්ථානයක සහකාර විභාග ශාලාධිපතිවරයා හා ඊට සම්බන්ධ තවත් ගුරුවරුන් පස්දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇත.

අනුරාධපුර නගරයට ආසන්න විභාග මධ්‍යස්ථානයකදී එම මධ්‍යස්ථානයේ සහකාර ශාලාධිපතිවරයා විසින් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සිය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කර බෙදාහරින ලද බවට ලද තොරතුරු මත මෙම සහකාර ශාලාධිපතිවරයා ඇතුළු ගුරුවරු හය දෙනා මෙසේ ප්‍රශ්න කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

පෙරේදා (සැප්. 15) පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර මෙම විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින් පළමු ප්‍රශ්න පත්‍රය දුරකතනයෙන් ඡායාරූප ගත කොට උපකාරක පන්ති පවත්වා ගෙන යන ගුරුවරුන් කිහිප දෙනෙකුට යැවීම සම්බන්ධයෙන් එම සහකාර විභාග ශාලාධිපතිවරයා සහ ගුරුවරු හය දෙනෙකු ජංගම දුරකතනය ද සමඟ විභාග දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබිණි.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් ද මෙම චෝදනාවට ලක්ව සිටිති.

මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර, නොචිචියාගම, කොළඹ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කීපයකට යවා තිබෙන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන්, විභාග දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් නීල් අතුකෝරල මහතාගෙන් ඊයේ (සැප්. 16) දින දුරකතනය මගින් සිදු කළ විමසුමේදී ඒ මහතා සඳහන් කළේ, අදාළ සිද්ධියට සම්බන්ධ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා ම මුදා හරින ලද බව ය.

ඉදිරියේදී මෙම ගුරුවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් ආරම්භ කරන බව ද අතිරේක කොමසාරිස්වරයා වැඩිදුරට ත් පැවසීය.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කිරීමේ සිද්ධිය සනාථ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“මෙම සිද්ධිය පිළිබඳ විස්තර මට පහළොස්වැනි දින පෙරවරුවේ දැන ගන්නට ලැබුණා. මම ඒ මොහොතේ ම උතුරු මැද අධ්‍යාපන බලධාරීන්ට මේ බව දැනුම් දුන්නා. මෙවැනි දූෂණ සිදු වන්නේ ටියුෂන් ගුරුවරුන් ජාලයක් හරහායි. මෙවැනි අකටයුතු, අක්‍රමිකතා සිදු කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පැමිණීමට අධ්‍යාපන බලධාරීන් නොපමාව කටයුතු කළ යුතු යි. මෙවැනි දේ නිසා දිගින් දිගට ම විභාග කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙමින් පවතිනවා. එම නිසා මෙම පහ වසර ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් ඊට වගකිව යුතු සියලු දෙනාට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු යැයි ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරට ත් පැවසීය.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජනාධිපති අපේක්ෂකයින්ට හෙලිකොප්ටර් දෙන්නේ සල්ලි දුන්නොත් විතරයි
Next Article ශ්‍රීලනිප හිනිදුම ආසන සංවිධායක සම්පත් ගමගේ ඝාතනය කරයි
Buzzer Editorial

Related Posts

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20263 Views

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

By Buzzer EditorialJune 16, 202603 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස…

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.