- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ට එම අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙක් පහරදී ඇති බව නාවලපිටියෙන් වාර්තා විය. අප වාර්තාකරු පැවසුවේ, සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා විසින් එම පහරදීම සිදුකර ඇති බවය. එම පුද්ගලයාට පහර දෙන අයුරු එම වෙළෙඳසැලේ සවි කරතිබු ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි. නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගේ පුත්‍රයාට මෙසේ පහර දී ඇති අතර, මෙම පහරදිම සිදුකර ඇත්තේ ඊයේ (15) උදැසන 11ට පමණ ය. සජබ නාවලපිටිය ආසන සංවිධායකවරයා ආධාරකරුවන් පිරිසක් සමග එම වෙළෙඳසැල තුළ ට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබාදී ඇත. එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා ප්‍රතික්ෂේප කර තිබුණි. පහර කැමෙන් පසු එම…
2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණක් බවය. එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ස්ථායීකරණය සඳහා මුලික වශයෙන්ම හේතුවී ඇත්තේ, විදේශීය ණය සේවාකරණය නොකිරීම වන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ. නැවත ණය සේවාකරණය ආරම්භවූ විට ආර්ථික අස්ථායීතාවය නැවත ඇති වන බවට ද…
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) අගෝස්තු මස හොදම ක්‍රිකට් ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම හිමිව තිබේ.අගෝස්තු මස පිරිමි ක්‍රිකට් ක්‍රිඩක සම්මානයට වෙල්ලාලගේ සමගින් දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබිණි. දුනිත් වෙල්ලාලගේ මේ වසරේ මාර්තු මසදීද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ක්‍රිකට් ක්‍රීඩක සම්මානයට කමිඳු මෙන්ඩිස් සමග නිර්දේශ වී තිබිණි. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල අගෝස්තු මස හොදම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රමට හිමිව ඇත. අයර්ලන්තයේ ගේබි ලුවිස් සහ ඔරලා පෙන්ඩර්ගාස්ට් ඒ සදහා නිර්දේශ වූ අනෙක් ක්‍රීඩිකාවන් විය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ. අද (16) උදෑසන වව්නියාවේ දී එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ නායක, මාවෙයි සේනාධිරාජා මහතා පවසා සිටියේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සිය පක්ෂය තීරණය කළ බවය. අදාළ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසා සිටියේ, තමා එම මතයට කිසිසේත් එකඟ නොවන බවය. සිංහල ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකුත් දෙමළ ජනතාවගේ අභිලාෂ…
සූර්ය කිරණවල හානිකර කොටසෙන් පෘථිවිය ආරක්ෂා කරන වායු පලිහක් වන ඕසෝන් ස්ථරය පිළිබඳ සමරන ඕසෝන් දිනය අදට යෙදී ඇත. එමඟින් පෘථිවියේ ජීවය ආරක්ෂා කිරීමට උපකාරීවන නිසාම ඕසෝන් ස්ථරය රැක ගැනීම අප සියළු දෙනාගේ වගකීමකි . මෙවර ඕසෝන් දිනයේ තෙමාව වන්නේ, “දේශගුණික ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම” යන්නයි. ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීම සහ ඒ ආශ්‍රිත අඩු කිරීම් පිළිබඳව කාගේත් අවධානය යොමු තිබීමත් අගය කළ යුතුය. ඒ මගින් අනාගත පරම්පරාව සඳහා ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමට උපකාරීවනවා පමණක් නොව, දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ ගෝලීය ප්‍රයත්නයන්ට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. පෘථිවියට ළඟා වන හානිකර පාරජම්බුල කිරණ සීමා කිරීමෙන්…
දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක දී ඊයේ (15) පැවැත්වුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව වවිභාගයේ ප්‍රතිඵල දින 40 ක් තුළ නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු අද (16) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 323,879 කි.
ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ. දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබයි. සාමය හා සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570 දීය. කුඩා කළ සිටම සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඔහු හතලිස්වන වියේදී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් වශයෙන් තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසය වේ. නබිතුමන්, ඉස්ලාම් දහමේ හර පද්ධතිය සිය දේශනාවෙන්, ක්‍රියාවෙන් සහ පරිත්‍යාගයෙන් ලොවට පෙන්වා දෙනු ලැබූ සුවිශේෂී ශාස්තෘවරයෙකි. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව…
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව වාර්ථා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ෆ්ලොරිඩා හී පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී එම උත්සාහය ගෙන ඇති බවයි. නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. අමෙරිකානු බලධාරීන් පවසන්නේ සැකකරු සතුව රයිෆලය ක් තිබූ බවයි. මේ අතර පසුගිය ජුලි මාසයේදී ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සහභාගී වූ මැතිවරණ රැලියක් අතරතුරදීය. එම වෙඩි තැබීමෙන් ට්‍රම්ප් තුවාල සිදුවූ බවත් වාර්තා විය. වෙඩි…
ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි. වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ පෙළඹවීම මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන බවට නිරීක්ෂණය වී ඇතැයි ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය. එම අධිකාරිය පැවසුවේ, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ හැකියාව ඇති බවයි. එවන් අවස්ථාවල නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක සඳහන් කළේ ය. මැතිවරණ…
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (14) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා තවදුරටත් කියා සිටියේ, එළබෙන 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා, “ලබන වසරේ පාසල් වාරය ආරම්භ වෙනවා ජනවාරි 02වැනිදා. නමුත් තුන්වැනි වාරයේ සති දෙකක් පාසල් පවත්වන්න වෙනවා දිග ගණන ආවරණය කරන්න. 2025 ජනවාරි 20 පළමු පාසල් වාරයේ පළමු දිනය ආරම්භ වෙනවා. ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල සූදානම් බවට සහතියක් ලබාදෙන්න පුළුවන්. විභාග සියල්ලම කල් ගිහිල්ලා තිබුණා. මේ අවුරුද්දේ…

