Author: Buzzer Editorial

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා ගුවන් යානා සපයන්නේ සම්මත ක්‍රියා පටිපාටිවලට අනුකූලව ගෙවීම් පදනම මත පමණක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැහැදිලි කර ඇත. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අවභාවිත කළ බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන් මෙම ප්‍රකාශය සිදු කෙරේ. 2024 ජනාධිපතිවරණයේදී පොදු සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගියදා සැළකිව යුතු කණස්සල්ලක් පළ කළේය. ඔවුන් චෝදනා කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ජනාධිපති අපේක්ෂකයන් විසින් ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බවටයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසුවේ ප්‍රමුඛ පෙළේ ජනාධිපති…

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. එවැනි වීඩියෝ පට පළ කරන්නන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. පොලීසිය එහි සඳහන් කර ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවලදී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන ආදී වීඩියෝපට මේ දිනවල හුවමාරු වෙමින් පවතින බවයි. මෙවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජ ගතවන බවත් අදාළ වීඩියෝ පට…

Read More

මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ජෝසප් ඇන්ටෝ අතිරම්පුසා, අධ්‍යක්ෂවරුන් වන නාරායනන් මහේෂ් සහ සී. වී. සාරති මේ වසරේ නොවැම්බර් මාසයේදී සුපිරි මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙ සකච්ඡා කිරීමට මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ ප්‍රමුඛ පෙළේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් 2024.09.15 දින අරලියගහ මන්දිරයේදී අගමැතිය දිනේෂ් ගුණවර්ධන හමුව තිබේ. මලයාලම් සිනමාවේ සුපිරි තරු දෙපළක් වන මමූති (Mammootty) සහ මෝහන්ලාල් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතර ස්ථානීය රූගත කිරීම් දින 30ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇති බව ඔවුන් පවසා තිබේ. ඉතිරි රූගත කිරීම් කේරළ, දිල්ලි සහ ලන්ඩන් යන ප්‍රදේශවල සිදු කිරීමට නියමිතය. “වසර 20 කට පසු…

Read More

ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලිසිය පවසයි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි. මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව පොලිසිය ප්‍රකාශ කරයි. පොලිසියේ සහායට සිවිල් ආරක්ෂක භටයන් 10,000ක් යෙදවීමට නියමිත බව පැවැසේ. ජංගම සංචාර සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය අනියුක්ත කිරීමට නියමිතය. මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථානවල කිසියම් පුද්ගලයකු කලහකාරිව කටයුතු කළ හොත් උපරිම බලය යෙදවීමට පොලිසියට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සනහන් කර ඇත.

Read More

මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (17) සාකච්ඡාවක් පැවැත්වේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම ඇතුළු විදේශීය නිරීක්ෂණ කාණ්ඩායම් එම සාකච්ඡාවට සහභාගි වන බවයි. ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අසියානු රටවල නිරීක්ෂණ කණ්ඩායම් හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතයි. කණ්ඩායම් 10ක් මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර ජනාධිපතිවරණයට අදාළ වෛරී ප්‍රකාශ සහ අපේක්ෂකයින්ගේ චරිතයට අපහාස වන ප්‍රකාශ සහ දර්ශන අන්තර්ජලය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් ඇතැයි මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා…

Read More

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි. එම වෙඩි තැබීම සදහා යොදා ගත් උණ්ඩවල කේපීඅයි KPI ලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැදී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි වෙළද සැලක අත් උදව්කරුවකු ලෙස කටයුතු කල අයෙකි.

Read More

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 3 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බවය. කෙසේවෙතත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් හෙට (18) සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

Read More

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවද ඔහු සඳහන් කළේය. ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බව ප්‍රකාශ කළේය. මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් පමණ යෙදවීමට නියමිතය.

Read More

ජැක්සන් 5 පොප් සංගීත කණ්ඩායමේ මුල් සාමාජිකයෙකු සහ අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ සොහොයුරා වන ටිටෝ ජැක්සන්, අභවප්‍රාප්ත වූ බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.  මිය යන විට ඔහු 70 හැවිරිදි වියේ පසුවිය. මරණයට නිල හේතුවක් තවමත් නිශ්චය කර නොමැති අතර, ඔහු මියුනිච් හි පැවැත්වීමට නියමිත ප්‍රසංගයක් සඳහා සූදානමින් සිට ඇත. ලොවක් වසඟ කළ ටිටෝ ජැක්සන්ගේ සොහොයුරු මයිකල් ජැක්සන් 2009 දී මිය ගියේය. පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගේ වැඩිමහල් සොහොයුරෙකු වන ටිටෝ ජැක්සන් 1953 ඔක්තෝබර් 15 වන දින ටොරියානෝ ඇඩරිල් ජැක්සන් ලෙස උපත ලැබූ අතර ඇමරිකානු ගායකයෙක්, ගිටාර් වාදකයෙක් සහ සුප්‍රසිද්ධ ජැක්සන් පවුලේ සාමාජිකයෙක් ලෙස ජනප්‍රිය වූ පුද්ගලයෙකි.

Read More

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ. ‘ස්පේස් එක්ස්’ යනු බිලියනපති ඉලොන් මස්ක්ට අයත් අභ්‍යවකාශ ගමන් බිමන්වල නියැලෙන පෞද්ගලික සමාගමකි. අතමිටසරු ඕනෑම අයකුට, ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ එක් වී, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් ද පසු, අභ්‍යවකාශය දක්වා සවාරියක් යෑමටත් ආපසු පැමිණීමටත් හැකියාව ඇත. ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරයට එක් වුණු ගගන සංචාරකයන් සිවුදෙනා පෘථිවි කක්ෂයේ කිලෝ මිටර් 1,400 කට වඩා වැඩි දුරක්, ඈතට ගොස්, දින කීපයක් ඈත පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින්, ඔවුන් ගමන් කළ ‘කෲ ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලයෙන් පිටතට පැමිණ, අභ්‍යවකාශයේ පාවී (මෙය ගගන…

Read More