- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා භාවිත කළ හැකි දේ සම්බන්ධයෙන් අද (19) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කරුණු හෙළිකළේය. “ඡන්ද විමසීම සඳහා වලංගු වෙනවා ජාතික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම වලංගු විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ ඊ හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම අපැහැදිලි හැඳුනුම් පත්, නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේදී නිකුත්කරන ලද කුවිතාන්සිය ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්දපොළේදී පිළිගන්නේ නැහැ.”
ලෙබනනයේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම්වලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරීම් හමුවේ පුද්ගලයින් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. හිස්බුල්ලා සංවිධානය භාවිත කළ වෝකි ටෝකි, පේජර්ස් සහ ලැප්ටොප් ඇතුළු ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන උපකරණ මෙලෙස පුපුරා ගොස් ඇති බව සඳහන්ය. පසුගිය අඟහරුවාදා දිනයේ ද ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයින් භාවිත කළ පේජර්ස් පුපුරා යාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලැබීය. කෙසේ වෙතත්, මියගිය බොහෝ දෙනෙක් හිස්බුල්ලා සටන්කාමීන් නොව ෂියා ප්‍රජාවට සේවය කරන සිවිල් පුරවැසියන් බව ලෙබනන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම වාර්තාවල දැක්වෙන්නේ, ලැප්ටොප්, වෝකි ටෝකි ඇතුළු ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන උපකරණ ලෙබනනයේ වෛද්‍යවරුන්,…
බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා විසින් රුපියල් කෝටි 16.5කට මිලදී ගත් බව කියන කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීරණයේ නිවාස දෙක පරිහරණය කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තහනම් කළේය. ලබන දෙසැම්බර් 18 දක්වා බලපැවැත්වෙන පරිදි අද සුපිරි නිවාස දෙකක පරිහරණය කිරීම තහනම් කරනු ලැබුයේ එම සුපිරි නිවාස මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව සඳහන් කරමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.
ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වී අද (19) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය. මැතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබේ. එසේම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල්…
දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි. සෙනසුරාද (21) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් මත මෙය ක්‍රියාත්මක කර තිබේ. සදුදා (23) යළි සුපුරුදු ලෙස පාසල් ආරම්භ කෙරෙන බවද එම නිවේදනයේ සඳහන්ය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබේ. එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවීම විශේෂත්වයකි. මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් රජය පවසයි.
2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය “නිහඬ කාලය” ලෙස ප්‍රකාශ කර තිබේ. 2024 ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි. නාමයෝජනා භාරදුන් දින සිටම අපේක්ෂකයින් සිය ප්‍රධාන ජනරැලි ඇතුළු ප්‍රචාරක කටයුතු ආරම්භ කළ අතර ඒවා දැඩි උද්යෝගී මුහුණුවරක් ගත්තේය. ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වෙයි. එම අවසන් ප්‍රචාරක රැලි පැවැත්වෙන කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ…
ඕනෑම ආකාරයේ ක්‍රිකට් තරගයකදී වුවද, ශතකයක් ලබාගැනීම පිතිකරුවා ප්‍රීණනය කරන්නකි. පිතිකරුවකු නම් ඔහුගේ ඉලක්කය ශතකයක් ලබාගැනීමයි. එහෙත් ටෙස්ට් පිතිකරු කමිඳු මෙන්ඩිස්ට එය ප්‍රමාණවත් නොවේ. කමිඳු කියන්නේ ටෙස්ට් තරගයකදී වුවත් ශතකයක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බවත් හැකි තරම් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීම තම අපේක්‍ෂාව බවත්ය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද (18 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී අලංකාර ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සවස පැවැති මාධ්‍ය හමුවේදී එසේ කියා සිටියේය. කමිඳු අද ශතකය ලබාගත්තේ අංක 5 ස්ථානයෙන් පන්දුවට පහරදීමට පැමිණෙමිනි. එහෙත් පිතිකරු ලයිස්තුවේ විවිධ ස්ථාන වලින් පැමිණ ශතක ලබාගැනීම කමිඳුට පහසු කාරියකි. “පළමු පෙළ තරග වලදී මම පිතිකරු ලයිස්තුවේ අංක 3 ඉඳන් අංක…
2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර එම නිල ඇඳුම් සහ සිවුරු බෙදාහැරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා, චීන රජයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන රජය විසින් ප්‍රදානයක් ලෙස මෙය ලබාදී තිබේ. ඒ අනුව මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමිවන අතර එයින් රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 7,000ක් බව එම නිවේදනයේ සඳහන් ය. මෙම නිල ඇඳුම්වල පළමු තොගය නොවැම්බර් මස 13වන දිනත්, දෙවන…
මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ 22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන බවත් කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බවත් ය. මේ අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ පිළිබඳ විස්තර පහතින්,

