Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මට සීයක් ගහලා මදි
Sports 7 Views

මට සීයක් ගහලා මදි

Buzzer EditorialBy Buzzer EditorialSeptember 19, 2024No Comments5 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඕනෑම ආකාරයේ ක්‍රිකට් තරගයකදී වුවද, ශතකයක් ලබාගැනීම පිතිකරුවා ප්‍රීණනය කරන්නකි. පිතිකරුවකු නම් ඔහුගේ ඉලක්කය ශතකයක් ලබාගැනීමයි. එහෙත් ටෙස්ට් පිතිකරු කමිඳු මෙන්ඩිස්ට එය ප්‍රමාණවත් නොවේ. 

කමිඳු කියන්නේ ටෙස්ට් තරගයකදී වුවත් ශතකයක් ලබාගැනීම ප්‍රමාණවත්  නොවන බවත් හැකි තරම් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීම තම අපේක්‍ෂාව බවත්ය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද (18 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී අලංකාර ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සවස පැවැති මාධ්‍ය හමුවේදී එසේ කියා සිටියේය. 

කමිඳු අද ශතකය ලබාගත්තේ අංක 5 ස්ථානයෙන් පන්දුවට පහරදීමට පැමිණෙමිනි. එහෙත් පිතිකරු ලයිස්තුවේ විවිධ ස්ථාන වලින් පැමිණ ශතක ලබාගැනීම කමිඳුට පහසු කාරියකි. 
“පළමු පෙළ තරග වලදී මම පිතිකරු ලයිස්තුවේ අංක 3 ඉඳන් අංක 7 වෙනකම් පන්දුවට පහර දෙන්න ගිහින් තියෙනවා. ඒ හින්දා මට අවස්ථාව ලැබෙන්නේ කොතැනදීම මම ඒ අවස්ථාව උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්නවා” යයි කමිඳු කීවේය. 

කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිටියට පිවිසියේ 2022 දී ධනංජය ද සිල්වාට කොවිඩ් වයිරසය වැළඳීම හේතුවෙනි. එදා පැමිණ, ගාල්ලේදී, ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඕස්ටේ්‍රලියාව හමුවේ ලකුණු 63 ක් ලබාගත් කමිඳුට වසර දෙකක් පමණ ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පවතින ප්‍රතිපත්තිය හේතුවෙනි. එනම් කිසියම් ක්‍රීඩකයකු අසනීපවී කණ්ඩායමෙන් ඉවත් වන්නේ නම් ඔහු සුවය ලබා නැවත පැමිණි පසුව ඔහුට කණ්ඩායමේ හිමි ස්ථානය නැවතත් දීමයි. 

ඒ ප්‍රතිපත්තිය හේතුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදීම ලකුණු 63 ක් ලබාගත් කමිඳුට 2022 දී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය අහිමි විය. 

පිටියට පිවිසෙන ක්‍රීඩකයන් 11 දෙනා අතර නොසිටි නමුත් ක්‍රීඩකයන්ගේ කාමරයේ සිටිමින් කමිඳු බොහෝ දේ ඉගෙන ගත්තේය. පසුව ඒ දැනුම පළමු පෙළ තරග සඳහාත්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ තරග සඳහාත් රැගෙන ගියේය. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ 11 දෙනා අතර නොසිටි කාලය වඩාත් ප්‍රයෝජනවත් ලෙසින් යොදාගැනීමට කමිඳුට හැකිවිය. 

මේ වන විටත් ටෙස්ට් ශතක හතරක හිමිකරුවකු වන කමිඳු අද ලබාගත්තේ සිය මව්බිමේදී ලබාගත් මංගල ශතකයයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අතිශය දුර්ලභ දස්කමක් වන ඉනිම දෙකේදීම ශතක දෙකක් ලබාගැනීමටත් කමිඳුට හැකිවිය. 

තවමත් සිය හත්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කමිඳුගේ දෑස් අබිමුව වසර 40 කට ආසන්න වාර්තාවක් එහාට මෙහාට වෙමින් තිබේ. ඒ අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 කඩඉම පසුකළ ශ්‍රී ලාංකිකයා වීමේ අවස්ථාවයි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන්, අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 පසුකර ගිය ක්‍රීඩකයා වන රෝයි ඩයස්ට ඒ වෙනුවෙන් ටෙස්ට් තරග 12 කදී ඉනිම 23 ක් ක්‍රීඩා කිරීමට සිදුවිය. එහෙත් තම 7 වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම නිමාවන විටත් කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ඉනිම 11 කදී ලකුණු 809 ක් ලබා සිටී. 

මෙම තරග 7 දී කමිඳුගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 61, 102, 164, නොදැවී 92, 9, 12, 113, 74, 4, 64 සහ 114 වශයෙනි. මෙම කාලය ඇතුළත කමිඳු ටෙස්ට් ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් ලබාගෙන තිබේ. එහෙත් අද දිනයේ ගාල්ලේදී ලබාගත් ශතකය ඔහුට සුවිශේෂී ශතකයකි. මක්නිසාද යත් ගාල්ලට නුදුරු බූස්ස ආසන්නයේ පිහිටි ගමක උපත ලබා, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි කමිඳු අද ශතකය ලබාගත්තේ සිය ගමේ හිත මිතුරන් සහ නෑදෑයන්ගේ දෑස් අබිමුව වන බැවිනි. 

ඒත් ඒ ශතකය කමිඳුට මදි සෙයකි. 

“මම මේ ශතකයෙන් සෑහීමට පත්වෙන්නේ නෑ. මම තව තවත් විශාල ඉනිම ක්‍රීඩා කරන්න ඕනේ. කොහොම වුණත් ගමේ අය ඉදිරියේදී මේ ශතකය ලබාගත් එක ගැන නම් සතුටුයි” යයි කමිඳු අද සවස පැවසීය. 

කමිඳු දැවී ගියේ තියුණු ලෙසින් පිතිකරුවා වෙතට දඟ කැවී ආ පන්දුවකිනි. ටෙස්ට් තරගයක පළමු දිනයේදී එවැනි දඟ කැවීමක් අදහාගැනීමටත් අසීරුය. 

“පන්දු යවන්නාටවත් ඒක හිතාගන්න බැරිවුණා. ඒ වගේ බෝල කීපයක්ම තිබුණා”
“ක්‍රිකට් කියන්නේ එහෙම තමයි” යයි ද කමිඳු කීවේය. 

පිතිකරු ලයිස්තුවේ කොතැනින් පිටියට පිවිසියත්, දිගු ඉනිම කමිඳුට ආගන්තුක නොවේ. බංග්ලාදේශයට එරෙහිව ෂිලාත් නුවරදී ඔහු ලකුණු 164 ක් ලබාගත්තේ අංක 8 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසෙමිනි. 

“වඩා වැදගත් වෙන්නේ අපි ක්‍රීඩා කරන ස්ථානය නෙමේ. කණ්ඩායම වෙනුවෙන් අපට මොනවද කරන්න පුළුවන් කියන එකයි.” කමිඳු කියයි.. 

“වාර්තා වලට යන්න ලැබීමත් හොඳයි. තවත් දිගු ගමනක් යන්න තියෙනවා”
 “මට ඉලක්කයක් තියෙනවා. ඒකට යන්න ඕනේ. කොහොම වුණත් තමන් ගැන සෑහීමට පත්වෙන්න නරකයි. අපි හැමදාම දියුණු වෙන්න ඕනේ” යයි කමිඳු කියයි. 

ලන්ඩන් නුවර ඕවල් ටෙස්ට් තරගයෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 6 ක් ඉදිරියට පැමිණි කමිඳු ඊයේ වනවිට 19 වැනි ස්ථානයේ සිටියේය. නවසීලන්තයට එරෙහිව ඔහුගේ පිතිහරඹයත් සමගින් පිතිකරු ලයිස්තුවේ තව තවත් ඉහළට යනු නිසැකය. 

අද දිනයේදී කුසල් මෙන්ඩිස්ගෙන් කමිඳුට ලැබුණේ කදිම සහයෝගයකි. කුසල් පිටියට පැමිණි පසුව ලකුණු පුවරුව නිරන්තරයෙන්ම ක්‍රියාත්මකව පැවැති අතර පන්දුවට පහර දීමේ අවස්ථාව දෙදෙනා අතර හොඳින් හුවමාරු විය. 

“කුසල් ක්‍රීඩා කළේ හරි අපූරු ඉනිමක්. එයා පන්දුවට පහර දුන්න විදිහ මටත් ලොකු පහසුවක් වුණා. ඒ වගේ අවාසනාවන්ත විදිහට එයා දැවී නොගියා නම් එයාටත් ලකුණු 100 ක් ගහන්න පුළුවන්කම තිබුණා” කමිඳු කීවේය. 

මෙම තරගයේදී අංක 7 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියේය. ඔහු දැවී ගිය අනපේක්‍ෂිත ආකාරය ඔහුටම අදහාගත නොහැකි විය. 

ග්ලෙන් පිලිප්ස්ගේ දුර්වල පන්දුවකට කුසල් ගැසූ පුල් පහරින් බේරීමට ෂෝට් මිඩ් විකට්හි සිටි ටොම් ලෙතම් පසෙකට පැන්නේය. එහෙත් ලෙතම්ගේ බාහුවේ වැදුණු පන්දුව බිම වැටීමට පෙර රැකගැනීමට ඒ අසළම සිටි ටිම් සවුතිට හැකිවූයෙන් කුසල්ට තිබුණේ ක්‍රීඩාගාරය බලා යාම පමණි. 

ඇදහිය නොහැකි ආකාරයෙන් කුසල් දැවී නොගියා නම් තවදුරටත් නවසීලන්ත පන්දු යවන්නන්ට රිදවීමේ අවස්ථාව දෙදෙනාටම තිබිණ. 

විනෝදයට ක්‍රිකට් ක්‍රීඩා කරන අයකුට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වීම පහසු නොවේ. වඩාත් හොඳ මට්ටමේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට නම් ඔහුගේ මනස ශක්තිමත් කරගත යුතු අතරම වඩ වඩාත් දේවල් දරාගැනීමට මෙන්ම ඉවසා සිටීමට සිදුවනු ඇත. පසුගිය වසර කිහිපයේදීම කමිඳු කළේ සිය මනස වඩ වඩාත් ශක්තිමත් කරගැනීමයි. 

කමිඳු මෙන්ඩිස් යනු අතිශය දුර්ලභ ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 

ඔහුට දෑතින්ම පන්දු යැවීමේ හැකියාව ඇති අතරම පිටියේ ඕනෑම ස්ථානයක ඉතා හොඳින් පන්දු රැකීමේ හැකියාව තිබේ. එක්දින තරගවල ආරම්භයේදී ස්ලිප් හි පන්දු රකින කමිඳු ඉනිම මැදදී එතැනින් ඉවත්ව පිටියේ ආක්‍රමණික ස්ථාන වන ‘මිඩ් විකට්’ සහ ‘කවර්ස්’ කලාපයන්හි හොඳින් පන්දු රකින්නෙකි. 

දැන් ඔහුගේ අරමුණ සිය පන්දු යැවීමේ අංශය වඩ වඩාත් දියුණු කරගැනීමයි. එහෙත් පිතිහරඹය දියුණු කරගැනීමේ සීමාවක් ඔහුට පෙනෙන්නේ ද නැත. 

“අපි වඩ වඩාත් වෙහෙස මහන්සිවෙලා වැඩ කරන්න ඕන” යන්න කමිඳුගේ ආකල්පයයි. 
ඉතිරිව ඇති ප්‍රශ්නය වන්නේ කමිඳුට කළ නොහැක්කේ කුමක්ද යන්නයි.

featured News pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපාසල් නිල ඇඳුම් ලබාදීම ගැන දැනුම්දීමක්
Next Article ප්‍රචාරණය ඉවරයි – නිහඬ කාලයේ නොකළ යුතු දේ මෙන්න
Buzzer Editorial

Related Posts

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 15, 20262 Views

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

By Buzzer EditorialJune 15, 202602 Views

උමං මාර්ග භාවිත නොකර අවිධිමත් ලෙස ප්‍රධාන මාර්ග හරහා ගමන් කරන පදිකයන්ට එරෙහිව නීතිය දැඩිව…

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.