- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
දෙස් – විදෙස් නිරීක්ෂකයින් 8000 කට ආසන්න පිරිසක්, ජනාධිපතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ. ජාත්‍යන්තර නිරීක්ෂකයින් 116 දෙනෙකු , ඒ අතරට ඇතුළත් ය. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් 78 දෙනෙකු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ඒ අතර වේ. ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයෙන් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 9 කි. දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණ ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද, විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන්…
ජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ සිදුවූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 337ක් ලෙස වාර්තා වී ඇත. මින් වැඩිම පැමිණිලි සංඛයාවක් වාර්තා වී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 336කි. ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 4929ක් මේ වන විට විසඳා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අද (21) උදෑසන 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සඳහන් වූයේ මෙසේය. කළුතර – 32%නුවරඑළිය – 32%මුලතිව් – 25%වව්නියා – 30%රත්නපුරය – 20%කෑගල්ල – 15%අම්පාර – 30%මන්නාරම – 29%ගම්පහ – 25% අද උදෑසන 7ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සවස 4ට නිමා වීමට නියමිතය.
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත. මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊයේ (20) දින නිකුත් කර තිබේ.
ලෙබනයේ බේරූට් අගනුවර වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් තිබේ. ඊබ්‍රාහිම් අකිල් නැමති පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔහු හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකි. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පේජර් සහ වෝකි ටෝකි පුපුරවා හැරීමෙන් පසුව ඊශ්‍රායල එල්ල කල දෙවන ප්‍රහාරය මෙය වේ.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි. ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබේ. මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව ඇත. ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් එක් අපේක්ෂකයෙක් වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එය 38 දක්වා අඩු විය. මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354කි. මැතිවරණ දිස්ත‍්‍රික්ක 22…
සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය. අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ, “විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, පරීක්ෂණ කටයුතුවල සියලුම ප්‍රතිඵල ලැබිලා අපි තීරණයක් ගන්නා තෙක්. එතෙක් ප්‍රතිඵල නිකුත් කරන්නට අදාළ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒවා අපි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.” අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට කරුණු හෙළිවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කළේය. ඒ මූලික පරීක්ෂණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර ඒ හරහා ද…
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත. උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත. පසුගිය ජූලි මස 29 වැනි දින රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ අපේක්ෂකයාට සහාය පළ කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත. පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ, විධායක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධූරයද අත්හිටුවා ඇති බවත් එම පක්ෂය නිකුත්…
2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේය. මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාලය ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට උපදෙස් කිහිපයක් ද ලබාදුනි. “අවවාදයක් ලෙස දෙන්න කැමතියි, තේරෙන පීඨයකට පැමිණ දරුවන්ට ඇවිල්ලා පුරප්පාඩු පවත්වාගෙන යන්නේ නැතුව කටයුතු කරන්න කියලා. මේ 45,000 පුරවන්න අපි දරුවෝ 65,000ක් පමණ තෝරනවා. ඒ කියන්නේ 20,000ක් පමණ තමන්ට ලැබෙන…

