Author: Buzzer Editorial

කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Read More

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read More

ලොස් ඇන්ජලීස් හි ටෙස්ලා හි ‘ We,Robot’ උත්සවයේදී, ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් විසින් ඩොලර් 30,000 ට අඩු සම්පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයක් වන රොබෝටැක්සි එළිදක්වන ලදී. ඊට අමතරව, Robovan, ඇතුළු මගී ප්‍රවාහන රථ 20ක් එළිදක්වන ලදී.

Read More

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය නවසීලන්තය කඩුලු 8 කින් අද(12) ජය ගත්තේය. සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය. ඒ අනුව, නායක චමරි අතපත්තු සමග විශ්මි ගුණරත්න ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 26කි. විශ්මි ගුණරත්න ලකුණු 8කට පිටියෙන් ඉවත් කිරීමට ඊඩ්න් කාර්සන් සමත් විය. නායක චමරි ලකුණු 35ක් රැස් කළ අතර ඇය දැවී ගියේ අමේලියා කර්ගේ පන්දුවක් හමුවේය. හර්ෂිතා සමරවික්‍රම රැස්කළ ලකණු සංඛ්‍යාව 18කි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව…

Read More

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ, මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන්. එම අවස්ථාවේ මගී දුම්රිය තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 1360කි. අනතුරින් දුම්රිය මැදිරි 12ක් පීලී පැනීමට ලක්ව, මෝටර් රථයක් ද ගිනි ගෙන තිබේ. ඒ හේතුවෙන් තමිල්නාඩුව හරහා ධාවනය වීමට නියමිත දුම්රිය 18 ක් අවලංගු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද දැනුම්දී තිබේ. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබාගත හැකි බවත් පැවසීය.…

Read More

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබේ. අද (12) සවස මෙම පුද්ගලයින් තිදෙනා දුම්රියේ ගැටී තිබුණේ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදීය. අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර වයස අවුරුදු තුනක දරුවකුත් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. එම දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය. මියගිය පුද්ගලයින් තිදෙනා කළුතර දකුණු රජවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ව බව වාර්තා වෙයි.

Read More

පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමටත්, ආපදා කළමණාකරන කටයුතුවලදී අදාළ වගකිව යුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමට ඕනෑම අවස්ථාවකදී සහභාගී වීම සඳහා භටපිරිස් සූදානම් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දී ඇත. ඒ අනුව, පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ වැලිකොට්ට අතුරා ගං වතුර අවධානමෙන් මුදවාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරන ලදි. එසේම, ජල මට්ටම ඉහළ යාම නිසා කැඩී යාමේ…

Read More

අල්ලස් කොමිසම බාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ. රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රජයට රුපියල් කෝටි පහමාරකට අධික බදු මුදලක් වංචා කරමින් මෙම මෝටර් රථය ආනයනය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මිට්ෂුබිෂී වර්ගයේ මොන්ටේරෝ ජීප් රථයක් මෙලෙස රාජසන්තක කර තිබේ.

Read More

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක්. ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක සිට සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ. නමුත් මම මෙවර අපේක්ෂකයෙකු ලෙස සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ඉදිරිපත් කළත්, මම ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටීමටයි අදහස් කළේ. මම විශේෂයෙන්ම කියනවා සමගි ජන බලවේගය සමග තවදුරටත් කටයුතු කරන්න අකමැති නිසා ඒ ඡන්දය මම…

Read More