- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට නියමිතයි. අමාත්‍යවරයා පැවසුවේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර පසුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බවය.
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (14) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකළාය. අදාළ පෙත්සම් අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. …
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම” නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුය. එලෙස නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ඔක්තෝබර් මස 28 වනදා හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.…
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ. 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි. අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කර තිබුණි. මෙම නඩුව අද (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම…
මතභේදකාරී තත්වයකට මුහුණ දුන් මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ, අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවය. මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තේය. අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මත මෙම පියවර ගත් බවය. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ…
පැවැති ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් පිළිබඳ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 35 දෙනෙකු සිය වාර්තා ලබා දී ඇති බවය. එහි බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න, අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් තිදෙනා ආදායම් වියදම් භාර දී නැති බවද කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරුවන් සතුව තිබුණු ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් පොලිස් භාරයට ගෙන ඇති බවය.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය. පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට ආසන සංවිධායකයන් නිසි ලෙස කටයුතු නොකිරීම බවට සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු චෝදනා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බැවින් මෙලෙස එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඇය පැවසුවාය.
මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර ඇත. සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී අද (13) පැවැති රැස්වීමකදී ඔහු මේ බව අනාවරණය කළේය. මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවයි. තාවකාලිකව දේශපාලයෙන් සමුගැනීම නිවේදනය කළත්, මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින බව ඔහු පැවසීය. ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හරි හම්බ කරගත් මුදල්වල වටිනාකමට වඩා දේශපාලනයේ නිරතවීමෙන් ලද ජනතා ආදරය වටින බවද ඔහු අවධාරණය කළේය. එමෙන්ම තමන්ට අධිකරණය වෙතින් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත්, නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නැවත දේශපාලනයට පිවිසීම තම බලාපොරොත්තුව බවද…
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

