Author: Buzzer Editorial

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිතව ඇත. වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය ඔස්සේ රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිත බව සඳහන්…

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල ඊයේ (14) සහ අද (15) දිනවල වසා දැමුණු පාසල් හෙට (16) දිනයේ යළි විවෘත කරන බව දැනුම්දී තිබේ. එමෙන්ම අවතැන් වූවන් සඳහා කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇත.

Read More

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. එම සහනය මාස 6ක කාලයක් සඳහා ලබාදීමට කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණි: එම සහන ලැබෙන්නේ මෙසේය…. ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔවුන් විසින් ලබාගනු ලබන එක් ඩීසල් ලීටරයකට රුපියල් 25/-ක මුදලක් ලැබෙන සේ මසකට රුපියල් 300,000/-ක් දක්වා වන උපරිමයකට යටත්ව “ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්” ලබා…

Read More

සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය රජයේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජයේ රස පරීක්ෂක ලෙස සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය 2024-10-11 වනදා සිට විශ්‍රාම ලබා තිබුණාය. ඒ අනුව පුරප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහළම ජ්‍යෙෂ්ඨතාව හිමි, දැනට රජයේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…

Read More

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (15) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එමෙන්ම ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත්, එයට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බව ද ඒ මහතා පවසයි. කෙසේ වෙතත් මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට්…

Read More

අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශීය සැකකරුවන් රැසක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වන වාර්තා පිළිබඳ චීනයේ දැඩි අවධානය යොමුව තිබේ. මෙම සිද්ධීන් දෙරටේම දේපළවලට තර්ජනයක් පමණක් නොව, චීනයේ ප්‍රතිරූපයට බරපතළ හානියක් වන බවත් දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයට ද බලපාන බවත් චීනය ප්‍රකාශ කර ඇත. චීන තානාපති කාර්යාලය පවසන්නේ නීතියට අනුකූලව ඔවුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කරමින් සැකකරුවන් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පූර්ණ සහාය ලබා දෙන බවයි. ඔවුන්ට අනුව ටෙලිකොම් සහ මාර්ගගත වංචා චීනයේ පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ 1990 ගණන්වලදීය. පසුව එය ඉතා විශාල ලෙස පැතිරී ඇති විශාල පිරිසකට බලපෑම්…

Read More

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ. රොබින්සන් අතරේ බෙදී ගියේය. දේශපාලන ආයතන අතර සබඳතා ගොඩනඟා ගනිමින් ආර්ථික සංවර්ධනය අඛණ්ඩව, දීර්ඝකාලීනව සාර්ථකත්වයට පත් කර ගන්නා ආකාරය ගැන ඔවුන් කළ අධ්‍යයනයන් හා ඉන් හෙළිදරවු කරගෙන ලොවට දායාද කළ නව න්‍යායාත්මක දැනුම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය ඔවුන් තිදෙනාට පිරිනැමීමට නොබෙල් සම්මාන ප්‍රදාන කමිටුව විසින් තීරණය කරනු ලැබීය. ඩේරියන් ආසේමෝගුලුස් හා සයිමන් ජොන්සන් යන දෙදෙනා මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ මහාචාර්යවරුන් වන අතර ජේම්ස් ඒ. රොබින්සන් චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. රටවල් ධනවත් රටවල් වී ඇත්තේත්, දිළිඳු රටවල් වී ඇත්තේත්…

Read More

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL607 දරන ගුවන් යානය සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් සිටියදී කපිතාන්වරයා විසින් එහි පළමු නිලධාරිනිය නියමු කුටියෙන් පිටතට දමා අගුළු දැමීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ පුවතක් වාර්තා වේ. කෙසේවෙතත්, මෙම සිදුවීම සිදු වූයේව ඇත්තේ, මීට මාසයකට පෙරය. මූලාශ්‍රවලට අනුව, එය වැසිකිලි විවේකයක් අතරතුර ඇති වූ මතභේදයක් මත සිදුව ඇති ඇතති අතර එමගින් මගීන් සහ කාර්ය මණ්ඩලය කනස්සල්ලට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසන්නේ, සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL607 අංක දරන ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විටත් අදාල අංශ විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවයි.…

Read More

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර…

Read More

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06‍ක සිරදඬුවම් නියම කළේය. 2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි. අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කර තිබුණි. මෙම නඩුව අද (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අදාළ නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි…

Read More