- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූ නමුදු අත්‍යවශ්‍යම පළාත වන බස්නාහිර පළාත සඳහා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වේ. බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා…
පසුගිය වසරක කාලය තුළ නෞකා 26ක් විසින් ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රංශ රජය සමග එක්ව දියත් කළ නිරීක්ෂණ ව්‍යාපෘතියක දත්ත පදනම් කරගනිමින් එම අධිකාරිය මේ කරුණු හෙළිදරව් කළේය. මෑත ඉතිහාසයේ මෙරට සාගර කලාපයට දැඩි හානි සිදුකළ නෞකා අනතුරු දෙකක් වන්නේ එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙකයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් නිව් ඩයමන්ඩ් නෞකාව 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී අනතුරට ලක්වුණි. එසේම, 2021 වසරේ මැයි මාසයේදී සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ ගිනිගෙන මුහුදුබත් වුණි. මෙම නෞකා අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාමේ සමුද්‍ර…
හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය අද (17) වාර්තා කළේය. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් මේ බව තහවුරු කළ බව එහි වැඩිදුරටත් දැක්වේ. තම ප්‍රහාරයකින් හමාස් නායක යහියේ සින්වාර් මියගොස් ඇතැයි තමන් තදින් විශ්වාස කරන බව ඊශ්‍රායල හමුදාව මීට පෙර පවසා තිබුණි. එම මරණය තහවුරු කරගැනීමට සැකකටයුතු මළසිරුරක් පරික්ෂා කරමින් සිටින බවද ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේය.
වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක්වන ලියම් පේන් මියගොස් තිබේ. ඒ , ආර්ජන්ටිනාවේ හෝටලයක තුන්වැනි මහලෙන් පහළට ඇද වැටී සිදු වූ අනතුරකින් ය. ඔහුගේ සිරුරේ දැඩි තුවාල ද තිබූ බව එරට ආරක්ෂක අංශ පවසයි. One Direction සංගීත කණ්ඩායමට 2010 වසරේ සිට ලෝකප්‍රකට සංගීත කණ්ඩායම් අතරට එක්වීමට හැකිවුණි. ලියම් පේන් මියයනවිට ඔහුට වයස අවුරුදු 31කි. වසර ගණනාවක් ජනතා හදවත් තුළ ලැගුම් ගත් ඔහු නික්ම ගියේ අපූරු නිර්මාණ රැසක මතක ඉතුරු කරමිනි.
ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමට පියවර ගෙන ඇත. ඔක්තෝබර් 14 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාවට අදාළව මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක ය. ඒ අනුව සම්පූර්ණ සහ පියලි කළ මයිසූර් පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා සත 25ක බද්දක්ද, සම්පුර්ණ සහ පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයට සත 25ක බද්දක්ද පනවා තිබේ. උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 302ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ද එමගින් පනවා ඇත. තවද කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ…
ඔක්තෝබර් 01 වෙනිදා සිදුවිය යුතු විදුලි ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව සමගි ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය චෝදනා කරයි. කොළඹ ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මෙම අදහස් පළ කළේය. “විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට සංශෝධනය වියයුතු විදුලි බිල පිළිබඳව දත්තයන් තාම යවලා නෑ. ජනාධිපතිතුමනි, මේ මොහොතේ බිලියන 155 ඉක්මවනවා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය. තවත් ගසා කන්න ඉඩ අරින්නේ ඇයි ? ඔබතුමා ජනතාවාදී නම් විදුලිබල මණ්ඩලයට නියෝග දෙන්න තිබුණා මෙච්චර වෙලා බුදිද මොනවාද කරන්නේ කියලා. වහාම මේකට ක්‍රියාමාර්ග අරගෙන විදුලි බිල සංශෝධනය අවමය සියයට 45කින්…
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බවය. අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකුට ද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අනුව නොවැම්බර් 18 වෙනිදා වන විට ෂීක් හසීනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබේ. එහි වැඩිම අගයක් ගෙන ඇත්තේ කෙළඹ දිස්ත්‍රික්කයේ වන අතර එහිදි අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිමය රුපියල් 5,750,000කි. එම දිස්ත්‍රික්කයේම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව වනුයේ 79,493,756කි. එමෙන්ම මැතිවරණය අවසන් වූ පසු මැතිවරණ ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත අදාළ වන පරිදි පක්ෂ ලේකම්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතු බවත් කොමිසම මගින් නිකුත්…
රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බව කී වික්‍රමසිංහ මහතා ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන යන්නේ නැති…

