- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (20) පෙ.ව. 07.00 ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24ක් දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම-නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම-නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් හෙට (21) දිනයේදී වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි පසුව, එම පද්ධතිය වයඹ දිශාවට ගමන් කරමින්, ඔක්තෝබර් 23 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ද වන හේරත් මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. එමෙන්ම හෙතෙම ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙසත් ඒ මහතා සේවය කර ඇත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ද වන අර්ජුන හේරත් මහතා තවත් ආයතන ගණනාවක ඉහළ පෙළ තනතුරු දරා තිබේ.
රුපියල් මිලියන 250ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසා සිටියේ, මැලේසියානු ගුවන් සේවයේ MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ඊයේ (18) රාත්‍රියේ කටුනායකට ළඟා වූ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටව යාමට සැකකරු උත්සහ දරා තිබූ අතර, රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමේ දී තේකොල අඩංගු පැකට් වල සුක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 179ක තොගයක් සොයාගැනීමට හැකිව තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 250ක් පමණ වන බව රේගු…
කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. පසුගිය සැප්තැම්බර් මස වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ වයස අවුරුදු 58ක කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධයට අදාළව වැලිවේරිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත. මෙම ඝාතනයට අදාළව පළාගොස් සිටි දෙවන සැකකාරිය මැය වන අතර, ඇය ඊයේ බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වන විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක්ද තිබී සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන කලු බෝවිටියාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වැලිවේරිය පොලීසිය පවසයි.
කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළේය. වනඅලි රංචුවක් දුම්රියක ගැටීම හේතුවෙන් අබලන් වූ දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය ධාවනය ආරම්භ කර තිබේ. ඊයේ (18) එම අනතුර සිදුවී තිබුණේ මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර රොටවැව ප්‍රදේශයේදී ය. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වනඅලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි. එම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබූ අතර දුම්රියේ ඉන්ධන ටැංකි පෙරළී ගොස් තිබුණි. වනඅලි දෙදෙනෙකු ද මියගොස් තිබුණි.
නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් පසුගියදා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ එම පක්ෂයේ තිදෙනෙක්. මැතිවරණ කොමිසමේ සභාපති හා සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. පෙත්සම්කරුවන් කියා සිටින්නේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි. එම අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති…
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සංවිධාන කළ 2024 Humanitarian Innovation Pitch වැඩසටහනේ තුන්වන ස්ථානය දිනාගැනීමට මහිම හේරත් සමත්වී තිබේ. ඔහු Griffith විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ජෝර්දානයේ Zaatari සරණාගත කඳවුරේ සිටින සිරියානු සරණාගතයින් 7,000කට පමණ ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශයක් ඔහු එහිදී ඉදිරිපත් කර තිබුණි. මෙම වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල රැසකින් සිසුන් ඉදිරිපත්වී ඇති අතර මෙහි අරමුණ ලොව පුරා සිටින අඩු පහසුකම් සහිත හෝ අවදානමට ලක්වූ ප්‍රජාවන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් සෙවීමය. මෙම වැඩසටහනේ පළමු ස්ථානය දිනාගත් ජයග්‍රාහකයා සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වන Emily Nabong වන අතර, දෙවන ස්ථානය Bond විශ්වවිද්‍යාලයේ Phyllis Ngugi හට හිමි විය.
බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා සඳහන් කළේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන බැවින් රුපියල් 35ක මිලකට වෙළෙඳපොළ තුළ බිත්තරයක් අලෙවි කිරිමට හැකියාව පවතින බවය. “බිත්තර මිල සම්බන්ධ අර්බුදය තාම විසඳිලා නැහැ. රුපියල් 40 – 45 දක්වා වෙළෙඳපොළේ බිත්තර මිල වැඩි වෙලා. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න. බිත්තරයක ඇත්තම නිෂ්පාදන වියදම රුපියල් 20ත් 23ත් අතර යන්නේ. ගොවිපොළෙන් රුපියල් 30කට බිත්තරය දෙන්න පුළුවන්.”
ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ. නීතිඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ 2012 හෝ 2013 වසරවල තමන්ට එල්ල වූ බරපතළ තර්ජන හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශය වෙතින් බලපත්‍රයක් යටතේ ගිනි අවි ලබාගත් බවයි. …
ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවැති රැස්වීම් සභාව අමතමින් ඒ මහතා මේ බව පැවසීය. පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය. 2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම්…

