Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » හලාවත අබිරහස ගැන මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි
News 1 Views

හලාවත අබිරහස ගැන මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි

Buzzer EditorialBy Buzzer EditorialOctober 21, 2024No Comments3 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් නිවසේ මියගොස් සිටි එකම පවුලේ තිදෙනාගෙන් මව සහ දියණිය ගෙල කපා ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ මව පසුගිය 19 වෙනිදා පෙරවරුවේත් දියණිය එදින රාත්‍රියේත් ඝාතනයට ලක්ව ඇති බවය. 

ඝාතනයේ සැකය දියණියගේ පියා දෙසට එල්ලවන නමුත් ඒ බව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක හටගත් ගින්නක් පිළිබඳ හලාවත පොලිසියට ඊයේ (20) ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවේදී නිවස තුළ තිබී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණි.

මියගොස් තිබුණේ 51 හැවිරිදි එස්.ජී. සේනාරත්න ,ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි මංජුලා නිරෝෂනි නම් කාන්තාව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂායි.

මෙම සිදුවීම ඝාතනයක් ලෙස සැකකර විමර්ශන මෙහෙයවන බව පොලීසිය සඳහන් කළේය.

මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අයි.එම්. ඉලංගරත්න බණ්ඩා මහතා විසින් අද (21) සිදුකරනු ලැබීය.

එහිදී අනාවරණ වූයේ කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය කර පසුව සිරුරු ගිනි තබා ඇති බවය. 

මියගිය කාන්තාව පසුගිය 19 වැනිදා පෙරවරුවේ ඝාතනය වී ඇති අතර ගෙලට තියුණු ආයුධයකින් පහර 06ක් එල්ල කර ඇති බවත් අධික ලේ වහනය නිසා ඇගේ මරණය සිදුව ඇති බවත් අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුණි.

පොලීසිය පවසන්නේ ඝාතනයට ලක්වූ දියණිය උපකාරක පන්තියකට ගොස් සිය මිතුරියෙකගේ නිවසේ සිටියදී ඇගේ පියා පැමිණ පසුගිය 19 වනදා පස්වරුවේ නිවසට රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති බවය.

පසුව එදින රාත්‍රියේ ඇය ඝාතනයට ලක්වන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.

දියණියගේ ගෙලෙහි කැපුම් තුවාල 02ක් තිබුණු බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇත.

මෙම සිද්ධි පෙළ සිදුවන අවස්ථාවේ දියණියගේ පියා අධික ලෙස බීමතින් සිටි බව හෙළි වී ඇතැයි ද පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කරන පරිදි ඔහු වෘත්තියෙන් ඉඩම් සහ රථවාහන වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයෙකි.

සේනාරත්න නමැති මෙම පුද්ගලයා බොහෝදෙනෙකුගෙන් ණයට මුදල් ගෙන සිට තිබූ බව වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

එම ණය මුදල් පියවීමට, ඔහුගේ බිරිඳට අයත්ව හලාවත – කුරුණෑගල පාරේ කොක්කාවිල ප්‍රදේශයේ ඇති අක්කර 05ක ඉඩමක් කට්ටි කර අලෙවි කිරීමට ඔහු බිරිඳගෙන් කලක සිට ඉල්ලා ඇති නමුත් ඊට ඇය විරුද්ධවී ඇති බව පොලීසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.

තවද මෙම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ස්වර්ණාභරණ ද මීට දෙමසකට පමණ පෙර අස්ථානගත වී ඇති බව පොලීසිය පවසයි.

සේනාරත්න නමැත්තා මියගියේ කෙසේද යන්න තහවුරු කරගැනීමට ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. 

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි.

කෙසේවෙතත් තවමත් මෙම ඝාතනය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

පොලීසිය සැක පළකරන්නේ මෙය අඹු -සැමියන් අතර ඇතිවූ ආරවුලක් මත සිදුකළ ඝාතනයක් බවය. 

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ සහ පොලිස් අධිකාරි පාලිත අමරතුංග මහතාගේ උපදෙස් මත හලාවත පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleප්‍රදේශ කිහිපයක ජල සැපයුම ගැන දැනුම්දීමක්
Next Article දමිතා දුරකතනයෙන් ලියුම් පෙට්ටියට පනී
Buzzer Editorial

Related Posts

උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

January 1, 2026

පාකිස්තාන වේග පන්දු ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

November 11, 2025

2026 වසරේ සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂයමාලාවක්

October 23, 2025
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.