- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබේ. නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට නිවාඩු ලබා දී ඇත. එම නිවාඩුව ආවරණය කිරීම සඳහා අදාළ පාසල් නොවැම්බර් මස 9 වන සෙනසුරාදා දින පැවැත්වීමට තීරණය කළ බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් දැනුම්දී තිබේ.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායකත්වය සඳහා ඔවුන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කසීම් ව පත්කරගත් බව එම සංවිධානය නිවේදනය කළේය. ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කළ හසන් නස්රල්ලා ඊශ්‍රායලය එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් මීට මාසයකට පමණ පෙර මියගියේය. දකුණු බේරූට් හි නස්රල්ලා නැවතී සිටි ගොඩනැගිල්ලකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. කාසීම්, හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස 1991 දී එවකට එම සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබ්බාස් අල්-මුසාවි විසින් තෝරාගත් අතර මුසාවි 1992 දී ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගියේය.
වට්ස්ඇප් ( WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post ) මගින් පුද්ගල දත්ත සහ මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවද ඔවුන් සඳහන් කරයි. ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර්ජාතික ආයතන නාමයන් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාබදායි භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකීරක්ෂා ලබාදීම ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින් OTP මුරපද (password) තොරතුරු ඉල්ලා එවන පණිවුඩවලින් ප්‍රවේසම්…
අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවය. අදාළ නිවේදනයේ දැඩිදුරටත් දැක්වෙන්නේ, මහ බැංකුව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවෘත වෙළෙඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකිය. එමඟින් රජයේ අයවැය මූල්‍යනය සඳහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත්…
ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් අද (29) විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවය. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය. මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවද ත්‍රස්ත විමර්ශන කාර්යාංශය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
චීනය සහ ඉන්දියාව විසින් දෙරට අතර පවතින දේශසීමා ගැටළුව පිළිබඳ එකඟතාවයකට එළඹ ඇතැයි වාර්තා වෙයි.චීන විදේශ අමාත්‍යය ප්‍රකාශක ලින් ජියෑන් මහතා මේ බව ප්‍රකාශ කළේ බෙයිජිං හි දී පැවැත්වූ නිත්‍යය මාධ්‍ය හමුවේ දීය. රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක අංශ ඔස්සේ මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කළ චීනය හා ඉන්දියාව ඉදිරියේ දී එක්ව එකඟතාවය විධිමත්ව අනුගමනය කිරීමට ද කටයුතු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර රුසියාවේ කසාන් හි පැවති BRICS සමුළුව අතරතුරදීද මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. චීනය සමඟ ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව එළඹී ඇති බවත්,ථ හමුදා දෙක අතර වසර 04ක් පුරා පැවති සන්නද්ධ…
යාපනය ශික්‍ෂණ රෝහලේ අක්‍ෂි අංශය, යුධ හමුදා මුලික රෝහල – පලාලි සමඟ එක්ව 2024 ඔක්තොම්බර් 14 සිට 25 දක්වා යාපනය ශික්‍ෂණ රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කම් වැඩසටහනක් සාර්ථකව සිදුකරන ලදි. යුධ හමුදා මාධ්‍යවලට අනුව, වෛද්‍ය එම්. මලරාවන් ප්‍රමුඛ විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම කාර්යය සිදුකර ඇති අතර, ඔවුන් විසින් උතුරු පළාතේ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 2,000 කට අධික ප්‍රමාණයක් නොමිලේ සිදුකරන ලදි. මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ, යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයින් පිරිසක් ද…
McDonald’s Corporation සහ International Restaurant Systems (පුද්) සමාගම අතර පැවති මෙරට නිල නියෝජිතත්වය පිළිබඳ එකඟතාවය නිල වශයෙන් අවසන් කර ඇති බව නිවේදනය කර සිටී. මෙම සමාගම් දෙක අන්‍යෝන්‍ය වශයෙන් නීතිමය එකඟතාවයකට පැමිණීමෙන් මෙරට නියෝජිතත්වය සම්බන්ධයෙන් මෙතෙක් පැවති ආරවුල් තත්ත්වය පිළිබඳව සමතයකට පැමිණ ඇත. ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, McDonald’s Corporation සහ International Restaurant Systems යන සමාගම් දෙකම මේ දක්වා මෙරට ජනතාවගෙන් ලද සහාය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කර තිබේ. McDonald’s සමාගම මින් අනතුරුව මෙරට දේශීය ව්‍යාපාර කටයුතු සඳහා වෙනත් ආයතනයක් සමඟ සම්බන්ධ වන්නේද නැද්ද පිළිබඳව මෙතෙක් අනාවරණය කර නැත.
පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සීමාවන්ට යටත්ව පමණක් වත්මන් රජය ණය ලබාගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඉදිරි පාර්ලිමේන්තුව තුළ දී එම සීමාවන් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවය. රූපවාහිනී වැඩසටහන සමග එක්වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේය. ප්‍රශ්නය – ජනාධිපතිවරයා පත්වුණ දවසේ ඉඳලා භාණ්ඩාගාර නිකුතු පහකින් බිලියන 569යි. ඒ වගේම බැඳුම්කර නිකුතු දෙකක් වුණා. බිලියන 127යි. ඔක්කෝම බිලියන 697ක් ණය ගන්නට සිද්ද වුණා. එ් අනුව මේ ණය ගැනීම එක පාරම නවත්තලා දාන්න පුළුවන් කියලා, මේක අධ්‍යයනය කරද්දි තේරෙන්නේ නෑ. ඉදිරියට තව ණය ගන්නේ නැතුව බදුත් අඩුකරලා පාලනය…
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් උණ රෝගය, සූකර අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය ආසාදිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීමට ඉඩකඩ වැළැක්වීම සඳහා අවශ්‍ය වන පහත සඳහන් කටයුතු තහනම් කර තිබේ. සියලුම අවදානම් සහිත ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය…

