- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9 % දක්වා අඩු කිරීමට ගෙන තිබූ තීරණය තුළින් එහි සාමාජිකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30)විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේ ය. ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පෙත්සම් සලකා බැලිණි. ඒ සම්බන්ධව මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතීපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය මෙහිදී පැවසුවේ, මෙම කරුණ මතම පදනම්ව ගොනු වී තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් මීට පෙරද අධිකරණයෙන් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ…
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මහත්මිය, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා සමඟ අද (30) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවක් පැවැත්වීය. තානාපති Qi Zhenhong ශ්‍රී ලංකාවේ ගංවතුර සහන ප්‍රයත්නයන් සඳහා චීන රජයේ සහයෝගය ප්‍රකාශ කළේ ජාතීන් දෙක අතර දිගුකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කරමිනි. මෙම තීරණාත්මක කාල පරිච්චේදය තුළ මහජන චීන සමූහාණ්ඩුවේ කාලීන ත්‍යාගශීලීභාවය සහ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය අමරසූරිය තානාපති Qi වෙත සිය කෘතඥතාව පළ කළාය. දෙරට අතර ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම දෙරටේ සහයෝගීතාවයන් පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි. එය ස්වාධීන තනතුරකි. ඔහු එම තනතුරට පත්කර ඇත්තේ වසර 14ක් එම තනතුරේ කටයුතු කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් එම තනතුරෙන් විශ්‍රාම ගැනීම හේතුවෙනි. ජනාධිපති නීතිඥයෙක් වන ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් ලෙස විවිධ නීතිමය කටයුතුවලදී ශ්‍රී ලංකා රජය පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශය ද නියෝජනය කර ඇත. ලොව අනෙකුත් ක්‍රීඩා නියෝජිතායතන සමග සිදුකෙරෙන සාකච්ඡාවලදී ද ඔහු ශ්‍රී ලංකා…
2024 සැප්තැම්බර් මාසයේ -0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -0.8% ක් දක්වා අඩු වී ඇත. 2024 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3%ක් ලෙසය. එමෙන්ම, 2024 ඔක්තෝබර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -1.6% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා විය. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරමින් ඒ බව සඳහන් කරයි.
සීනි ආනයන වංචාවක් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ හිටපු වෙළෙඳ ඇමතිවරයාව අත්අඩංගුවට ගැනීමට එරට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබේ. විමර්ශකයින් පවසන්නේ හිටපු අමාත්‍යවරයා නිසි ක්‍රමවේදයෙන් බාහිරව සීනි ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමෙන් රජයට ඩොලර් මිලියන 25ක පාඩුවක් සිදුකර ඇති බවයි. එම හිටපු අමාත්‍යවරයා මේ වනවිට රජයේ කටයුතු විවේචනය කරන පුද්ගලයින් අතුරින් ඉදිරියෙන්ම සිටින අයෙකි. හිටපු අමාත්‍ය තෝමස් ට්‍රිකාසි ලෙම්බොන් ව සැකකරුවෙක් වශයෙන් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබුණි. එරට නීතිපති දෙපාර්තමේන්තුව ගොනුකර ඇති චෝදනාවේ සඳහන් වන්නේ රට තුළ අවශ්‍ය ප්‍රමාණය ට වඩා සීනි තොග ඇති අවස්ථාවක පෞද්ගලික සමාගමකට සීනි ආනයනය සඳහා බලපත්‍රයක් නිකුත්කළ බවට ඔහුට චෝදනා එල්ලකර තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව දැනුම්දෙයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා ඒ බව පැවසීය. ඒ, අද පස්වරුවේ රැස්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ගෙන ඇති තීරණය හේතුවෙනි. ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම තීරණය ගෙන තිබේ. මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ඊයේ (29) සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බවය.
අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ භූමියෙන් පිටව ගියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ, අධිකරණයේ දී සත්‍ය හෙළිවිය යුතු බවය. මේ අතර තමා ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය. එංගලන්තයෙන් සොරකම් කර ඇති බවට සඳහන් වන එකලස් කළ, මෙරට ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව පසුගිය 23 වනදා අත්අඩංගුවට ගැනුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය 4ක පමණ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවය. පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඒ මහතා ව අද (30) වනතෙක් රක්ෂිත බන්ධනාගාර…
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙන්පුරවිනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ 2024 ඔක්තෝබර් මස 29 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු ධීවර අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් දෙසීය අනු එකක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 29 වන දින උදෑසන කාලයේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය,යාපනය, වෙන්පුරවිනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ වලංගු ධීවර අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් දෙසීය අනු එකක (291) තොගයක් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබියදි එම සැකකරුවන් තිදෙනා , ට්‍රෝලර් යාත්‍රාව හා මුහුදු කූඩැල්ලන් තොගය මෙසේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු…
විදේශීය ත්‍රස්තවාදී සංවිධානවල අනුදැනුම මත, සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රට තුළ ප්‍රහාරයක් සැලසුම් කළ බවට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය. ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත සැකකරුවන් දින 90ක රැඳවුම් නියෝග යටතේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ආරුගම්බේ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන පිළිබඳ රහස්‍ය වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේකර වෙත ඉදිරිපත් කරනු ලැබූහ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ විධිවිධාන යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යෑමට මහේස්ත්‍රාත්වරයාගේ අවසරය ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විදෙස්…
මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. අද දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්…

