- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවට අදාළ විත්ති වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. ඔවුන්ට එල්ලවී තිබුණේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම, මිනීමැරුම ඇතුළු චෝදනා ය. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රියේ මැලේසියාවේ සිට පැමිණි තායිලන්ත කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5ක් වන බවය. මෙම කාන්තාව විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මලුවල සඟවා තිබූ අතර එය අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් බව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පැවසීය. මේ අතර ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ගල්කිස්ස, මොරටුව, බොරැල්ල, දෙමටගොඩ සහ පෑලියගොඩ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති…
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට කැඳවා තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පැවසුවේ, ඊට අමතරව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද, කැඳවා ඇති බවයි. අනිද්දා පැවැත්වෙන හමුවේදී මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. 2024 මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.
මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවය. පසුගිය මාසයේ දී ද ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවුණි. මේ අනුව 2024 නොවැම්බර් මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත දක්වා ඇත. කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි. කිලෝගෑස් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වෙයි. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694කි.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද එළැඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඇයට කළ දැනුම්දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ අද (04) පෙනීසිටීමෙන් අනතුරුවය. එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ බව සඳහන් ය. ඒ අනුව ඇය අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය. මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියම කර ඇති බවත් මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්…
කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මෙම ගමන කිසිවෙකුටත් වැළකිය නොහැකි බවය. රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. “අපේ රට අපි ඩිජිටල්කරණය කරන සැලැස්ම සකස් කර තිබෙනවා. මෙතෙක් ලංකාවට වැඩිම සංචාරකයින් ආපු වසර බවට අපි 2025 වසර පත්කරනවා. අපේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරනවා. ගුණයහපත්කමෙන් පිරිසිදු, විනයෙන් පිරිසිදු, නීතියට අනුගත වෙන රට පුරා අඩුම තරමේ, පිරිසිදු වැසිකිළි පද්ධතියක් නැති රටක් මේක… පිරිසිදු වැසිකිළි පද්ධතියක්…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙකි. වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබුණි. ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා තිබේ.
පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී ලකුණු 76ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 13කට මුහුණදෙමින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහරක් ඇතුළත් විය. ඊට අමතරව නායක ලහිරු මධුසංක…
ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා මේ බව පැවසීය. ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අසත්‍ය පුවත පළකර ඇති බවත්, එම තොරතුරු සියල්ල X පණිවුඩයක් මගින් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

