- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව පසුගිය ඔක්තෝබර් මස 31 වනදා අත්අඩංගුවට ගත් අතර පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව පසුව නොවැම්බර් මස 2 වෙනි දා බන්ධනාගාර රෝහලවෙත මාරුකර යැවුණි. එහිදී ලොහාන් රත්වත්තේ මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබූ අතර, නොවැම්බර් මස 3 වනදා ලොහාන් රත්වත්තේ මහතාව ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික…
ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබේ. එහිදි වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය දෙපාර්ශවයේ සාකච්ඡාවට ලක්ව ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බව ද මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එමෙන්ම දෙරට අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ද බ්‍රිතාන්‍ය මහකොමාසාරිස්වරයා එහිදි ප්‍රකාශ කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දුන්නේය. නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ…
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි. මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතව තිබේ. ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ඒ අනුව…
විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්කර තිබේ. අදාළ මිලදී ගැනීම් අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් ඉදිරිපත් කරමින් එහි වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කර ඇත. මෙම පෙත්සම අද (06) මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දක්වමින් ඊ- විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක්…
අඛණ්ඩව එල්ලවූ අභියෝග රැසක් ජයගනිමින් අමෙරිකා එක්සත් ජනපද ධවල මන්දිරයට මාවත විවරකරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සමත් විය. ඒ එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙසිනි. සිය ජයග්‍රහණය නිවේදනය කරමින් ඔහු ජනතාව හමුවේ සහතික කළේ තමා යුද්ධ නතර කරන අතර යුද්ධ ආරම්භ නොකරන බවය. අමෙරිකාව යුද බලයෙන් සන්නද්ධ කළ යුතු වුවත් එහි අදහස යුද්ධ කිරීම නොවන බව විජයග්‍රහණය දැනුම්දුන් අවස්ථාවේ ඔහු අවධාරණය කළේය. අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ 60 වැනි ජනාධිපතිවරණය ඊයේ (05) පැවැත්වුණි. මෙවර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා සිටි අමෙරිකානු ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 186කි. මැතිවරණයේ කරටකර සටනක් පැවතියේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස් අතරය.…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ. අයි. සී. සී. දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්විය. මෙහිදී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය වසර හත තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ අවදානය යොමුකර තිබේ. එමෙන්ම ක්‍රීඩකයින්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතා පිළිබඳ පෙන්වා දී ඇත. මෙම සාකච්ඡාවට අයි. සී. සී. දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරු (මෙහෙයුම්) ඇන්ඩෲ එෆ්ග්‍රේව් මහතා, ජනාධිපති කාර්යාලයේ නීති…
2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ. එම සම්පූර්ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබේ. ඒ අනුව, 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුනට නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා වන චීන රජයේ ප්‍රදානය භාර ගැනීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන් ගරු…
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය. ඒ නීතිපති ගේ උපදෙස් අනූවය. එහිදී නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් එම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසයි
ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගත් බව ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023‑04‑17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන අතර, එම මුදල…

