දිස්ත්රික් තේරීම්භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පැවසුවේ, ඊට අමතරව දිස්ත්රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද, කැඳවා ඇති බවයි.
අනිද්දා පැවැත්වෙන හමුවේදී මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව, සභාපතිවරයා ප්රකාශ කළේ ය.
2024 මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.