Author: Buzzer Editorial

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවය. “ක්ෂේත්‍රයේ පැවැත්මට සහ වර්තමානයට අනුව මේ සතිය වෙද්දි ව්‍යාප්තියේ යම් යම් අඩුවීම් වෙලා තියෙනවා. කර්මාන්තයත් රැක ගන්න ඕනේ නිසා. අපි ගැසට්ටුව යම් කාරණා සම්බන්ධයෙන් ලිහිල් කරලා තවත් ගැසට්ටුවක් අලුතින් නිකුත් කළා. නොවැම්බර් 4 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු එම ගැසට් පත්‍රය බලාත්මකයි. ඒ ගැසට්ටුව අනුව අපි කලින් කිව්වේ සතුන්…

Read More

ජපානයේ නිෂ්පාදිත ලොව ප්‍රථම දැව චන්ද්‍රිකාව පසුගියදා අමෙරිකාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කර තිබේ. චන්ද්‍රයා සහ අඟහරු පිළිබඳ ගවේෂණ සඳහා දැව යොදාගැනීම පිළිබඳව සිදුකරන පූර්ව පර්යේෂණයක් ලෙස මෙම අභ්‍යාවකාශ ගමන හැඳින්විය හැකිය. ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සහ දැවමය නිෂ්පාදන සිදුකරන ජපාන සමාගමක් එක්ව මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබුණි. එය නම් කර ඇත්තේ, ලතින් භාෂාවෙන් දැව යන අර්ථය ලබාදෙන ‘ලිග්නෝසැට්’ නමිනි. චන්ද්‍රයා සහ අඟහරු පිළිබඳ ගවේෂණ සඳහා දැව යොදාගැනීම පිළිබඳව සිදුකරන පූර්ව පර්යේෂණයක් ලෙස මෙම අභ්‍යාවකාශ ගමන හැඳින්විය හැකිය. ලිග්නෝසැට් චන්ද්‍රිකාව මාස 6ක කාලයක් පෘථිවි කක්ෂයේ රැඳී සිටීමට නියමිතය. සෑම මිනිත්තු 45කට වරක්ම අභ්‍යාවකාශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 100 සිට…

Read More

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බවය. “2024 නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීවරු, දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රධානත්වයෙන්, සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්, ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ සිටින කොමසාරිස් ජනරාල් සහ අතිරේක කොමසාරිස්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම ඉදිරි දින පැවැත්වීමට නියමිත මැතිවරණය අදාළ දින කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අදාළ සියලුම නිලධාරීන්…

Read More

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිට කිලෝ මීටර් 13,000 ක් දුර දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක හින්දු කෝවිලක පුද පූජ පැවැත්වෙයි. 60 හැවිරිදි කමලා හැරිස් ඉන්දීය සහ ජැමෙයිකා සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි. කමලා දේවි හැරිස් උපත ලැබුවේ, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් නගරයේ උපත ලැබුවේ 1964 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. කමලාගේ මව පිළිකා පර්යේෂිකාවක වූ ශ්‍යාමලා ගෝපාලන්ය. කමලා ගේ පියා ආර්ථික විශේෂඥයකු වූ ඩොනල්ඩ් හැරිස්ය. මොහු ජැමෙයිකානු ජාතිකයෙකි. කමලාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, තිරුවාරූර් දිස්ත්‍රික්කයේ තුලායේන්ද්‍රපුරම් ගම්මානයේ හින්දු කෝවිලකය. කමලාගේ මවගේ උපන් ගම්මානය වන්නේ මෙයයි.…

Read More

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (05) නාවලපිටිය මිපිටිය ප්‍රදේශයට පැමිණීමත් සමග නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. ඒ, ගම්වාසීන්ගෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට දැඩි විරෝධයක් එල්ලවීමත් සමගය. මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සිදු කරන බව පැවසෙන ස්ථානයකට දේවගැති ජෙරම් ප්‍රනාන්දු පැමිණ තිබූ අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි. තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ද පැමිණ තිබුණි. ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවය. පසුව ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමග එම ස්ථානයෙන් පිටවී ගොස් තිබුණි.

Read More

2007 වසරේ දෙසැම්බර් මස 01 වනදා සහ එම මස 26 වනදා අතර කාලසීමාව තුළ අම්පාරේදී ජී. පුංචි නෝනා නමැති කාන්තාවකගේ පුත්‍රයාට ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදීම සඳහා රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකාර අභියාචක ශාන්ත ප්‍රේමරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. මෙම සිද්ධිය වූ අවස්ථාවේ විත්තිකාර අභියාචක දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු වෘත්තීයෙන් නීතිඥවරයෙකු ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර ඇති බවත් නඩු තීන්දුවේ සඳහන් විය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේ නොවැම්බර් 02 වනදා සිය තීන්දුව ප්‍රකාශයට…

Read More

බදුල්ල මාරක අනතුරේ බස් රථය ධාවනය කළ රියදුරුගේ බලපත්‍රය බීමත්ව රිය පැදවීම හේතුවෙන් මාස 05කට අත්හිටුවා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ, ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදී ඉකුත් අගෝස්තු 04 වනදා බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. එහිදී අත්අඩංගුවට පත් රියදුරා අගෝස්තු 06 වනදා ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 55,000ක දඩයක් නියම කර රියදුරු බලපත්‍රය මාස 05කට අත්හිටුවා ඇති බව අද (05) අධිකරණයේදී අනාවරණය විය. මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද (05) කරුණු ඉදිරිපත් කර තිබුණි. උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි රියදුරු විසින් සිය…

Read More

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකගේ වැඩ තහනම් කර තිබේ. ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා විසින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් බන්ධනාගාර රැඳවියන්ට ලබාදී ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

Read More

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තමාට ලබා දී ඇති ආරක්ෂක පිරිස අඩුකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කර තිබේ. අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා ඔක්තෝබර් මස 31 වන දින නිකුත් කළ ලිපියෙන් 50 දෙනෙකුගෙන් යුත් තම ආරක්ෂක පිරිස 30 දක්වා අඩු කිරීමට නියම කර ඇති බවය. අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ට 243 දෙනෙකු සහ 200 දෙනෙකුගෙන් සහ 109 දෙනෙකුගෙන් යුත්…

Read More

කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. අදාළ ප්‍රහාරය හිතාමතා සිදුකර ඇති ප්‍රහාරයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත. මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා මඟින් ඉන්දීය අධිෂ්ඨානය කිසිවිටෙකත් දුර්වල කිරීමට හැකියාවක් නොමැති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති අතර රටවල් දෙකෙහිම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැරීමට එම රටවල් පියවර ගෙන තිබුණි. එවැනි අවස්ථාවක පසුගිය ඉරිදා දිනය් කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පිහිටි හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය සමග තවදුරටත් දෙරට අතර විරසකය උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Read More