Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » හිටපු නියෝජ්‍ය ඇමතිට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
News 36 Views

හිටපු නියෝජ්‍ය ඇමතිට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

Buzzer EditorialBy Buzzer EditorialNovember 5, 2024No Comments2 Mins Read36 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2007 වසරේ දෙසැම්බර් මස 01 වනදා සහ එම මස 26 වනදා අතර කාලසීමාව තුළ අම්පාරේදී ජී. පුංචි නෝනා නමැති කාන්තාවකගේ පුත්‍රයාට ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදීම සඳහා රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකාර අභියාචක ශාන්ත ප්‍රේමරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. 

මෙම සිද්ධිය වූ අවස්ථාවේ විත්තිකාර අභියාචක දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු වෘත්තීයෙන් නීතිඥවරයෙකු ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර ඇති බවත් නඩු තීන්දුවේ සඳහන් විය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේ නොවැම්බර් 02 වනදා සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව තීන්දු කළේය. 

ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම් සහ රුපියල් 5,000ක දඩයක් නියමකළ මහාධිකරණය එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලබන්නේ නම් අමතරව මාසයක සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණි.

එම තීන්දුවට එරෙහිව ශාන්ත ප්‍රේමරත්න මහතා අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ලකර තිබූ චෝදනා මහාධිකරණ නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වූ බවයි.

ඊට අමතරව විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් සැලකිල්ලට භාජනය කර නොමැති බවත් ශාන්ත ප්‍රේමරත්න මහතා සිය ඇපෑලේ සඳහන් කර තිබුණි.

ඉන් අනතුරුව එම ඇපෑල පිළිබඳ පූර්ණ විභාගයක් පැවැත්වූ  සම්පත් අබේකෝන් සහ පී. කුමාරම් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචක විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා කොළඹ මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළේය. 

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි මත මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව නිවැරදි ආකාරයෙන් ප්‍රකාශයට පත්කර ඇති බවත්  ඊට මැදිහත්වීමට අභියාචනාධිකරණයට අවශ්‍ය නොවන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කර තිබුණි.

ඒ අනුව අභියාචක විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කළ දඬුවම සහ දඩ මුදල් තහවුරු කරන බවත් ඊට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රතික්‍ෂේප කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වෙයි.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබදුල්ල මාරක බස් අනතුරේ රියදුරාගේ බලපත්‍රය මාස 05කට අත්හිටවූ එකක්
Next Article දේවගැති ජෙරම් ට විරෝධයක්
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.