- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බවය. මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීමේදී රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්යමණ්ඩල වලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ජන්දය ප්‍රකාශ කල හැකි අයුරින් නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව රජ්‍ය විශ්ව විද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු…
අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද ඊයේ (08) කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය. විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය පැවසීය. මෙරට කොරියානු තානාපති කාර්යාලයෙන් පසුගිය බ්‍රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණේ කොරියානුවෙකුගෙන් මෙරට පිහිටි වේවිටෙක් නම් ආයතනයක් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර ඇති බවය. අවස්ථා කිහිපයකදී ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කිරීමට බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් අදාළ කොරියනු ජාතිකයාගෙන් ලබාගෙන ඇති අතර…
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. නමුත් නවසීලන්ත නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටුකිරීමට පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව, නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය. නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩ නැගීමට ඉෂ් සෝදි සහ සැක් ෆෝක්ස් සමත්වුණේ නවසීලන්තය ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන එමිනි. අද දිනයේදී නවසීලන්තය වෙනුවෙන් කඩුල්ලකට ගොඩ නැගුණු ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. ඒ අනුව නවසීලන්තයට පන්දුවාර…
එළැඹෙන මහමැතිවරණ වෙනුවෙන් සියලුම ඡන්දදායකයින් ට සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඉල්ලීමක් කරයි. ඔහු පැවසුවේ ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දෙන අයිතියක් බැවින් සිය ඡන්දය භාවිත කරන ලෙසය. “ඡන්දය ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දීලා තියෙන අයිතියක්. ඒ නිසා ඒ අයිතිය භාවිත කිරීම ඔබේ යුතුකමක්… ඡන්දය ඔබේ අයිතියයි. ඡන්දය ඔබේ බලයයි… ඒ නිසා 14 වැනිදා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න ඡන්ද පොළවල්වලට යන්න.”
කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය විජිත හේරත් මහතා එක්ව තිබේ. ඊයේ (07) සවස අමාත්‍යවරයා අදාළ ස්ථානයට ගොස් තිබුණේ, බහාලුම් නිෂ්කාශනය කෙරෙන පරිශ්‍රය හා බැඳුණු ගැටලු රැසකට විසඳුම් ලබාදීමට ය. වරාය සේවකයින්, රියදුරන් සහ බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ පැමිණිලි කිහිපයක් පිළිබඳ සලකා බැලූ අමාත්‍යවරයා ඒ සියල්ල විසඳීම සදහා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් ගැටලු හඳුනාගෙන තිබුණි. 01. බහාලුම් නිෂ්කාශනයට ගත වන කාලය අසාමාන්‍ය ලෙස වැඩී වීම නිසා එය අවම කිරීම සඳහා කටයුතු සලසන ලෙස ප්‍රවාහනකරුවන්ගේ ඉල්ලීම. 02. බහාලුම් පරීක්ෂාව සඳහා පසුගිය රජයෙන් මිලදීගෙන සවි කළ scan යන්ත්‍ර මඟින් කිසිසේත් සෑහිමකට පත්විය හැකි…
රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අදාළ විදුහල්පතිනිය පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත්කර ගැනීම සඳහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ. එම මුදල එම විදුහලේ පාසලේ කාර්යාලයේදී ඊයේ ප.ව. 4.00ට පමණ ලබාගැනීමේදී ඇයව මෙලෙස අත්අඩගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නැවත ආරම්භය නොවැම්බර් 18 වනදා සිදුකෙරෙන බවය. 2024 මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය. ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් 2024.11.12 දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය. ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ. එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අදළා ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව…
වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවය. රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව හෙතෙම පැවසීය. මේ අතර රිය අනතුරු බහුලව සිදු වීමට අපරික්ෂාකාරි රිය ධාවනය සහ වාහන නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම ප්‍රධානතම හේතු වි ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ්…
ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිල දී ගැනීම සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ අනුමැතිය අනුව එය ලබාදීමට නියමිත බවය. “අපිට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් වෙලා තියෙනවා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත සහන කිහිපයක් ලබාදීමට. විශ්‍රාමික දීමනාව, ධීවරයින්ට දෙන දීමනාව වැඩි කරන එක, ඒ සියල්ල අපිට කළ හැකි වුණා. අපිට කෙටි කාලීන දීමනා පමණක් නොව අපි ඉදිරිපත් කරන අයවැය තුළ කොහොමද සමාජ ආරක්ෂණය තහවුරු කරන්නේ, විශ්‍රාමිකයින් ආරක්ෂා කරන්නේ සහ ජීවන වියදම පාලනය කරන්නේ ගැන අවධානය යොමු කරනවා. විශේෂයෙන්…
නීතිවිරෝධීව සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමට අත්අඩංගුවට ගත් දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබී තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන තිබේ. මහනුවර ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම මෝටර් රථය සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වී ඇත. එලෙස සොයාගත් සුඛෝපභෝගී මෝටර් රථයට සමාන අංකයක් ඇති මෝටර් රථයක් කුරුණෑගල – හෙට්ටිපොළ ප්‍රදේශයේ ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග අදාළ රථය පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තෙල්දෙණිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙහෙයවනු ලබයි.

