- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එමෙන්ම ඉකුත් සති කිහිපයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් මිල ගණන් ඉහළ ගිය අතර නාඩු සහල්වල හිඟයක් ද පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවිකරන ලෙස දැනුම් දුන් අතර, ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය. එමෙන්ම රට තුළ පවතින වී සහ සහල් තොග පිළිබඳ දත්ත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ජනපතිවරයා දුන් උපදෙස් අනුව පාරිභෝගික අධිකාරිය සැකසූ වාර්තාවද ඉකුත් නොවැම්බර් 06 වනදා ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 2025 පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය. කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 08ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම් අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම…
මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ. එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය පෙත්සම්කාර පාර්ශයට දැනුම් දුන්නේය.
2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැහැදිලි කළේය. “පසුගිය ජනාධිපතිවරණයේ දී අපි වම්අතේ සුලැඟිල්ල වර්ණ ගන්වනු ලැබුවා. බොහෝදෙනෙකුගේ ඒ සලකුණු කළ ආකාරය ඒ අයුරින්ම තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා වම් අතේ දබරැඟිල්ල සලකුණු කිරීම සඳහා භාවිතා කරන්න.” නොවැම්බර් 14 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එමෙන්ම මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. තව දින 3කින්…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් හා ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කිසිම අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙක් දුරකථන, වට්ස්ඇප් හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කරමින් එවැනි මුදල් එකතු කිරීමේ හෝ ඉල්ලා සිටීමේ ක්‍රියාවක නිරත නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය ප්‍රකාශ කළේය. එවැනි වංචා කරුවන්හට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙසත්, එම වංචාකාරීන් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු…
ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ෆර්හාඩ් ෂකේරි නැමැත්තා සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය. ප්‍රතිවිරුද්ධ මතදාරී රටවල් දෙක අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. සිය “x” ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි මේ බව සඳහන් කර තිබේ. වර්තමානයේ නව ජවනිකාවක් නිර්මාණය කරමින් තුන්…
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද හෙට (12) දින වන විට ඉවත් කළ යුතු බවය. “මේ වන විට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා කාර්යාල පිහිටුවා තිබෙනවා. එම කාර්යාලවලින් ඡන්ද කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල සියල්ල 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගත යුතු වෙනවා. 12 මධ්‍යම රාත්‍රියෙන් පසුව තබා ගන්නට හැකියාව ලැබෙන්නේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මැතිවරණ කොට්ඨාසයට එකක් වශයෙන් පිහිටුවා තිබෙන කාර්යාලය. ඒ වගේම ඒ දිනයේ සිට අපේක්ෂකයින්ට හැකියාව තිබෙනවා මැතිවරණ කොට්ඨාසයටම එක් කාර්යාලයක් පිහිටුවා…
පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට ද නියමිත බවය. ලබන 12 වනදා සිට එම ඒකකයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව ඒ මහතා පවසයි. ඒ අනුව මැතිවරණයට පෙර දින දෙකක් හා මැතිවරණයට පසු දින දෙකක් වන පරිදි දින 05ක කාලයක් සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලය සමග එක්ව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසුවේය.
දඹුල්ලේ දී අද (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස අවසන් කරගැනීමට සිදුවිය. අද තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූවානම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි. අවසන්වරට ඔවුන් නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන සිටියේ 2013 වසරේදීය. එයද ශ්‍රී ලංකාවේදීමය. ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3කදී…
විදුලි බිල සියයට 30කට වඩා අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (09) දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය. “අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යනකොට අපි විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්න ඒකට. ඉන්ධන මිල වුණත් අඩු කරන්න අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්නම්.”

