- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය. ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස විදේශ අමාත්‍යාංශය කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පසුගියදා අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි. පසුගිය ඔක්තෝබර් මස 23 වැනිදා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ආරුගම්බේ ප්‍රදේශය ඇතුළු මෙරට සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය. එහිදී ඔවුන් පෙන්වාදුන්නේ නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවය. අදාළ නිවේදනයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට මෙම…
මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. එමෙන්ම ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධ්‍ය වෙත නිකුත් කරන බවත් එම නිසා නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධි විධාන යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14…
සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළෙඳාම් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පරිශ්‍රයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි සහ 48 හැවිරිදි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සයිබර් ප්‍රහාරයක් එල්ලවූ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසීය. පසුගිය පළමු වැනිදා එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයට ලක්විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක නිලධාරි චරුක දමුණුපොළ මහතා, “නොවැම්බර් පළවෙනිදා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් සම්බන්ධ තොරතුරු දැනුවත් කිරීමක් කළා අදාළ දෙපාර්තමේන්තුව විසින්. මෙම සයිබර් ප්‍රහාරයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ වෙනස්වීමක් ඇති වුණා. ඒ සම්බන්ධ මූලික පරික්ෂණවලින් අනතුරුව වෙබ් අඩවිය නැවතත් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් කරමින් පවතිනවා. මේ සම්බන්ධ විමර්ශනයකුත් දැනටමත් ක්‍රියාත්මක වෙනවා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ යම්…
සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා මුදල් වංචාවක් සහ කොල්ලකෑමක් සිදුකළ සැකකරුවන් 5ක් දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ව බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් විසින් සම්බාහන සේවයක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙක් ගෙන්වා ගෙන පහරදී, පිහි පෙන්වා බිය ගන්වා ඔහු ලවා රුපියල් ලක්ෂ 10ක මුදලක් අන්තර්ජාල බැංකු කටයුතු හරහා බැර කරවාගෙන තිබේ. පසුව පසුම්බියේ තිබූ මුදල් රුපියල් 15,000ක් කොල්ලකා ඇති අතර, ඒ සම්බන්ධව බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි. එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළක් අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයක්ද, සමඟ පසුගිය 08 වනදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු…
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ එම කර්මාන්තවලට සහන ලබා දීම පිළිබඳ වූ සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. ඒ මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී. අපොන්සු මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සහභාගී වී තිබේ. ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. එමෙන්ම අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කර ගත යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. “මේ වනවිට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරක කාර්යාලවලින් ඡන්ද මධ්‍යස්ථානවලින් පිහිටුවා තිබෙන කාර්යාල මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල ඉවත් කළ යුතුයි. මධ්‍යම රාත්‍රියෙන් පසුව තබාගැනීමට හැකි වෙන්නේ පක්ෂ හා කණ්ඩායම්වල කොට්ඨාසයට එකක් ලෙස පිහිටුවා තිබෙන කාර්යාලය පමණි. ඒ වගේම ඒ…
ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. ඖෂධ ගෙන්විම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් එම කැබිනට් මණ්ඩලයේ සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරු වන ටිරාන් අලස්, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, නිමල් සිරිපාල ඇතුළු 18දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ. ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම…

