Author: Buzzer Editorial

මාතර සිට ගාල්ල දක්වා ධාවනය වු දුම්රියක අද (15) පස්වරු 6.20ට පමණ වැලිගම පොල්අත්ත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් ගැටිමෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Lඅනතුරින් තුවාල ලැබු එම පවුලේ අනෙක් සිව්දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිස තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගාල්ල ප්‍රදේශයේ සිය ඥාති නිවසකට ගොස් නැවත සිය නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහණ දී තිබේ. ⁣දුම්රියක් පැමිණෙන බවට සංඥා එළි දැල්වෙමින් තිබියදී දුම්රියක් පැමිණෙන බවට අසල සිටි පිරිස පවසද් දීත් මෙම ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා…

Read More

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ. මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගත්තේය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජනබලවේගය යි. එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ. ඒ අනුව ජාතික ජනබලවේගය ආසන 141ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව වන 113 ඉක්මවා යමිනි. මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව එම පක්ෂය ඡන්ද 6,863,186ක් හිමිකර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.56ක් වෙයි. සමගි ජනබල වේගය ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ආසන 35ක් ලබාගනිමිනි. එම පක්ෂය ඡන්ද 1,968,716ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට…

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සහ සිලාවතුර වෙරළ ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 13 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරඅල්ලන ලද මුහුදු කූඩැල්ලන් එක්දහස් පනස් පහක (1055) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2024 නොවැම්බර් මස 13 වන දින අළුයම් කාලයේ උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා…

Read More

සිහින් සිරි පොද වර්ෂාව පති­තවී පැය තුනක පමණ කාල­යක් අපතේ ගිය පළමු එක්දින තර­ගය රංගිරි දඹුලු ක්‍රීඩාං­ගණ සේවක මණ්ඩ­ලය කඩි ගුලක් මෙන් ක්‍රියා­ත්ම­කවී ගොඩ දැමීම ‍හේතුවෙන් ඕවර 27ක් තුළදී ලකුණු 221ක ඉල­ක්ක­යක් නව­සී­ලන්ත පිලට ලැබු­ණද, ඔවුන් ලකුණු 175කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ ලකුණු 45ක ජයක් අත්කර ගත්හ. ඒ සමඟ තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙර­මු­ණට පැමි­ණි­යේය. කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු යුග­ලයේ ගිනි­කෙළි සංද­ර්ශ­න­යෙන් අලං­කාර වූ ශ්‍රී ලංකා ඉනිම ඕවර 49.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 324ක් වුවද, ඊයේ රාත්‍රි‍යේ ඇඳ හැලුණු වර්ෂා­වෙන් පසු ඩක්වර්ත් – ලුවිස් පැමිණ ප්‍රති­වා­දීන්ගේ ඉල­ක්කය වෙනස් කළහ. කෙසේ වුවද නව­සී­ලන්ත ඉනිමේ…

Read More

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල, ඔස්ට්‍රේලියාවේ මෙල්බන්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රමවේදය අනුවම විදේශ තානාපති කාර්යාල හරහා ද…

Read More

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් එම අනතුරු ඇඟවීමේ මට්ටම හතරේ සිට දෙක දක්වා අඩු කර ඇති බවය. ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය ඊශ්‍රායලය විසින් එරට පුරවැසියන්ට පසුගිය ඔක්තෝබර් 23 වනදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පසුගිය 23 වනදා පැවසුවේ, ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශවල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

Read More

10 වන පාර්ලිමේන්තුව සදහා සභිකයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේ කටයුතු (අද) පෙරවරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව අද උදෑසන 7 සිට පස්වරු 04 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පවත්වන බවය. ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු ලියාපදිංචි වී තිබේ. මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහ අට ලක්ෂ 81,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහහත් ලක්ෂ 65,351…

Read More

ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය. පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවේ එම ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමිනි. කෙසේ නමුත් එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය ඔක්තෝබර් 23 වනදා අනතුරු ඇඟවීය. එම තානාපති කාර්යාලය පැවසුවේ ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය…

Read More