සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ එම කර්මාන්තවලට සහන ලබා දීම පිළිබඳ වූ සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
ඒ මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී. අපොන්සු මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ සඳහා ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සහභාගී වී තිබේ.
ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
එහිදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.
මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලික අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.