Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
News 2 Views

ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්

Buzzer EditorialBy Buzzer EditorialJuly 14, 2026Updated:July 14, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

නඩු විභාගය ආරම්භයේදී අල්ලස් කොමිසම විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම, මෙම විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා තවදුරටත් දිනයක් ලබා දෙන ලෙස කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේදී ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියේය.

එහෙත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා මේ වන තෙක් නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කර නොමැති බැවින්, ඔහු වෙනුවෙන් කරුණු දැක්වීම අනවශ්‍ය බවයි.

මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා අභිරහස් ලෙස මියගොස් තිබේ.

නඩුවේ දෙවන සැකකාරිය වන ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය විසින් මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.

ලබා දුන් කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 13 වැනිදා නැවත කැඳවීමට නියම කළ අතර, එදිනට විමර්ශනවල ප්‍රගතිය සවිස්තරාත්මකව අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
Next Article නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
Buzzer Editorial

Related Posts

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

July 14, 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්

July 14, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial July 14, 20262 Views

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

By Buzzer EditorialJuly 14, 202602 Views

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවා තිබේ.…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

July 14, 2026

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

July 14, 2026

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

July 14, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍
  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
  • සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
  • මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන
  • ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්
  • නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වීම ගැන හර්ෂගෙන් X සටහනක්
  • ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්
  • වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.