Author: Buzzer Editor

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද (26) ආරම්භ විය. ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් සඳහන් කළේ. අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම සිදු කිරිමට සැලසුම් කර තිබෙනවා. 2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත් වුණා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක ධුරය රිපබ්ලිකන් සාමාජික මයික් ජොන්සන් ට හිමිවිය. ඒ සඳහා පැවැති ඡන්ද විමසුමේදී 51 ක් හැවිරිදි මයික් ජොන්සන් හට පක්ෂව ඡන්ද 220 ක් හිමිවුණු අතර, ඔහුට විරෝධය දැක්වූ ගණන 209 කි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට සිදුවූයේ එම ධුරයේ කටයුතු කළ කෙවින් මකාති පසුගිය ඔක්තෝබර් 3 වැනිදා විශ්වාසභංගයකින් ඉවත් කළ බැවිනි ඇමෙරිකන් කතානායකවරයකු විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පළමු අවස්ථාව වූයේ මෙයයි. ඉන්පසු කතානායක…

Read More

අද (26) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 පමණ තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ…

Read More

සමනල වැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා කැමති ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පලකළ ට්විටර් පණිවිඩය පහතින්. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර්වරිය නොවැම්බර් මස 8 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් ඉවත් කළ බවට ව්‍යාජ ලේඛණයක් සකස් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 13 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනින. අධිකරණයෙන් පනවා තිබු ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට මහේත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළ බවට සඳහන් ව්‍යාජ ලේඛනයක් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරින. දිනපතා මෙවැනිම ආකාරයේ…

Read More

2023 වසරේ ලෝකයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් (Charter Flight) අද (25) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මෙම සදහා පෝලන්ත ලොට් ගුවන් සේවයේ ( L.O.T. ) ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය අද (25) අලුයම 06.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. එහිදී මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා පිළිගැනීම සිදු කළ අතර , මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සාම්ප්‍රදායික නර්තන මගින් පිළි ගෙන ඔවුන් වෙත සමරු ත්‍යාග පිරිනැමීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සහ මෙරට සංචාරක…

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න දැනුම්දෙනවා. නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

අද (25) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 පමණ තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී…

Read More

ඊශ්‍රායලයට සහාය පළ කරන අතරතුරේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කළේය. ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳිය හැක්කේ ද්වී රාජ්‍ය විසඳුමකින් පමණක් බව ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය. දිගින් දිගටම පලස්තීනුවන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් යුදෙව් ජනාවාස පිහිටුවීම නැවැත්විය යුතු බව ද මැක්රොන් වැඩි දුරටත් අවධාරණය කළේය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය යනුවෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇති අතර එම ණය මුදල ලබාගැනීම සඳහා ඊට අදාළ ගිවිසුම්වලට එළැඹීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු…

Read More