2023 වසරේ ලෝකයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් (Charter Flight) අද (25) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම සදහා පෝලන්ත ලොට් ගුවන් සේවයේ ( L.O.T. ) ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය අද (25) අලුයම 06.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
එහිදී මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා පිළිගැනීම සිදු කළ අතර , මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සාම්ප්‍රදායික නර්තන මගින් පිළි ගෙන ඔවුන් වෙත සමරු ත්‍යාග පිරිනැමීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සහ මෙරට සංචාරක නියෝජිත ආයතන කටයුතු කර තිබුණි.
මෙම විශේෂ ගුවන් සේවා යානා එරට ශීත ඍතුව පහව යන තෙක් , එනම් එළඹෙන 2024 වසරේ මාර්තු මස 26 දා තෙක් , චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.