සමනල වැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා කැමති ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පලකළ ට්විටර් පණිවිඩය පහතින්.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.