අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර්වරිය නොවැම්බර් මස 8 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් ඉවත් කළ බවට ව්‍යාජ ලේඛණයක් සකස් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 13 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනින.
අධිකරණයෙන් පනවා තිබු ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට මහේත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළ බවට සඳහන් ව්‍යාජ ලේඛනයක් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරින.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.