5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද (26) ආරම්භ විය. ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් සඳහන් කළේ.
අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම සිදු කිරිමට සැලසුම් කර තිබෙනවා. 2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත් වුණා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.