Author: Buzzer Editor

2022 වර්ෂයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ ආකාරයේ සමාජ-ආර්ථික ගැටලු රාශියකට මුහුණ දීමට සිදු විය. මෙම තත්ත්වය හමුවේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය තම සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම හරහා සහන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේ ය. ජෝන් කීල්ස් පදනමේ දැක්ම වන “බලගන්වමු දේශය හෙට දිනට” යන්නට සමගාමීව, සමූහයට අයත් ව්‍යාපාර සමග එක් වී දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබේ. මෙම වැඩසටහන්වල දී මූලික වශයෙන් සෞඛ්‍යය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය සංවර්ධනය යන අංශ තුන සම්බන්ධයෙන් අවධානය යොමු විය. මාස හයේ සිට දොළහ දක්වා කාල සීමාවන්…

Read More

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ තෙවන හා අවසන් එක්දින තරගය අද (07) තරග 2 – 1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 22 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116 ක් පමණයි. පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබි ලකුණු 23 ක් හා ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 22 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක්, වනිඳු හසරංග කඩුලු 3 ක්, ළහිරු කුමාර කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බැගින් බිඳ හෙළීමට සමත්…

Read More

භාණ්ඩ 300 ත් 400 ත් අතර ආනයන සීමා ලබන සතියේ සිට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඩොලර් සඳහා ඇති ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ යාම හේතුවෙන් මුදල් ඒකකය ශක්තිමත් වීමත් සමඟ මෙම ආනයන සීමාවන් ලිහිල් කරන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත්, දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයන සීමා ලිහිල් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ඔහු ප්‍රකාශ කළා. පසුගිය වසර දෙක තුළ රජය විසින් 8,000 න් HS කේත මගින් දැක්වෙන 3,000 ක ආනයන පාලනය කර ඇත. යෙදවුම් මත යැපෙන සුළු හා…

Read More

නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් එරට ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ ඇය අග්‍රාමාත්‍යවරිය ලෙස ලබා දුන් නායකත්වය විශේෂ ඇගයීමට ලක් කරමිණි. ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියට සුදු අන්තවාදියකු කඩා වැදී වෙඩි තැබුවේත්, නවසීලන්තය ‘කොවිඩ් 19’ වසංගතයට මුහුණ දුන්නේත් ජැසෙන්ඩා අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දීය. 2019 වසරේ සිදුවුණු එම සුදු අන්තවාදී ප්‍රහාරයෙන් පසු රට තුළ වාර්ගික සමගිය පවත්වාගෙන යෑමට ජැසෙන්ඩා කටයුතු කළාය. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ රට ලොක්ඩවුන් කරමින්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මනා ලෙස පිළිපැඳීමට ජැසෙන්ඩා බලධාරීන්ට සහ ජනතාවට උපදෙස් දුන්නාය. මේ හේතුව නිසා ඇය ලෝක සෞඛ්‍ය සංධොනයේ ද පැසැසුමට ලක් වූවාය. 42 හැවිරිදි ජැසෙන්ඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම පාලක පක්ෂයේ…

Read More

අද දිනයේ (07) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර 100ක පමණ තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම්…

Read More

මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති. ඩොලරයේ අගය පහළ බැසීමත් ඊට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධක යැයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය. (ලංකාදීප)

Read More

එකතු කළ අගය මත බදු (VAT) නිදහස් කිරීම් තාර්කීකරණය සහ දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ. දැනට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කිකරණය කිරීම මඟින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.2%කින් පමණ බදු ආදායම…

Read More

ගම්පොළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (05) රාත්‍රි​යේ භූ කම්පනයක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව ඊයේ රාත්‍රීයේ රික්ටර් මාපකයේ 2ක පමණ සුළු භූ කම්පනයක් එසේ සිදුව ඇති බවයි එම කාර්යංශය සඳහන් කරන්නේ. හක්මන, පල්ලෙකැලේ, මහකනදරාව, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය තුළින් දේශීය ප්‍රජාව සවිබල ගැන්වීමේ (LEED+) ප්‍රමුඛතම ව්‍යාපෘතිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් දෙදිනක් පුරා පවත්වන ලද දැනුම් සංසදය ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම ව්‍යාපෘතියේ ආරම්භක පියවර 2011 වසරේදී තබන ලද අතර එම ව්‍යාපෘතිය සාර්ථක ලෙස උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නිමා කිරීමට බලාපොරොත්තු වේ. මෙම දැනුම් සංසදය , වසර 12ක් පුරාවට ග්‍රාමීය ජනතාව වෙනුවෙන් තිරසාර වූ යහපත් රැකියා අවස්ථා නිර්මාණය කළ දීර්ඝ ව්‍යාපෘතියේ කූටප්‍රාප්තියකි. මෙමගින් කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි පාර්ශවයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබේ. මෙම LEED+ ව්‍යාපෘතිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි ”සාමය සහ නම්‍යශීලිභාවය වෙනුවෙන් ගෝලීය…

Read More

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වීමට තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව ඊයේ (05 වැනිදා) දකුණු කොරියාවේදී සමත් වූවාය. එහිදී ඇය විසින් වාර්තා කරන ලද කාලය විනාඩි 2.05.64 කි. පෙරේදා පැවති මීටර් 400 ඉසව්වෙන් ද රිදී පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය. ඉන් අනතුරුව ඊයේ පැවැති මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරගයෙන් ද රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූ අතර එම තරගයේ ද ජයග්‍රාහී සාමාජිකාවක් බවට පත්වීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය. ශ්‍රී ලංකාව එම තරගයෙන් ද රන් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙය වේ. (දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ…

Read More