සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ තෙවන හා අවසන් එක්දින තරගය අද (07) තරග 2 – 1 ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 22 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116 ක් පමණයි. පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබි ලකුණු 23 ක් හා ඊබ්රාහිම් සද්රාන් ලකුණු 22 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක්, වනිඳු හසරංග කඩුලු 3 ක්, ළහිරු කුමාර කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 51 ක් ලබාගත් අතර, දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 56 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 11 ලබා ගත්තා.
ඒ අනුව තරග තුනකින් සමන්විත වුනු ඇෆ්ගනිස්තාන – ශ්රී ලංකා තරගාවලිය තරග 2 – 1 ලෙස ජය ගැනීම වාර්තා පොත් අතරට ද ඇතුලත් වීමද කැපී පෙනුණි. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර තේරී පත් විය.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.