Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජෝන් කීල්ස් සමූහය රටේ අර්බුද හමුවේ දියත් කළ සහන වැඩසටහන් අති-සාර්ථකයි
Financial 10 Views

ජෝන් කීල්ස් සමූහය රටේ අර්බුද හමුවේ දියත් කළ සහන වැඩසටහන් අති-සාර්ථකයි

Buzzer EditorBy Buzzer EditorJune 7, 2023No Comments5 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2022 වර්ෂයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ ආකාරයේ සමාජ-ආර්ථික ගැටලු රාශියකට මුහුණ දීමට සිදු විය. මෙම තත්ත්වය හමුවේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය තම සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම හරහා සහන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේ ය. ජෝන් කීල්ස් පදනමේ දැක්ම වන “බලගන්වමු දේශය හෙට දිනට” යන්නට සමගාමීව, සමූහයට අයත් ව්‍යාපාර සමග එක් වී දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබේ.

මෙම වැඩසටහන්වල දී මූලික වශයෙන් සෞඛ්‍යය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය සංවර්ධනය යන අංශ තුන සම්බන්ධයෙන් අවධානය යොමු විය. මාස හයේ සිට දොළහ දක්වා කාල සීමාවන් සඳහා සැලසුම් කරන ලද මෙම වැඩසටහන්වල අරමුණ වූයේ, ජනතාව ඒ වනවිට මුහුණ දෙමින් සිටි අභියෝගවලට ඉක්මන් විසඳුම් ලබාදෙන අතරම, දීර්ඝ කාලීනව ස්වයංපෝෂිත තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය කුසලතා සහ සම්පත් ඔවුන්ට ලබා දීම ය. මූලික අදියරවලින් අනතුරුව අදාළ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ පූර්ණ වගකීම අදාළ පාර්ශ්වකරුවන් සහ ප්‍රජාවන් වෙත පැවරේ.

මෙම ප්‍රජා සත්කාර මාලාව යටතේ දියත් කළ මුල්ම වැඩසටහන් අතරින් එකක් වන ගෙවතු වගා වැඩසටහන මගින් සවිබල ගන්වන ලද පවුල් ගණන 1,284 කි. ජෝන් කීල්ස් සමූහයට අයත් ව්‍යාපාර පිහිටා ඇති ප්‍රදේශවලින් මෙම පවුල් තෝරා ගන්නා ලද අතර, ගෙවතු වගාවන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දැනුම, සහය සහ මග පෙන්වීම ඔවුන් වෙත ලබා දෙන ලදි. වඩාත් පහසුවෙන් හා ලාභදායී ලෙස ආහාර හා පෝෂණය ලබා ගැනීමේ මගක් ලෙස ගෙවතු වගාව දිරිමත් කිරීම මෙහි අරමුණ විය. මේ අතරින් පවුල් විශාල සංඛ්‍යාවක් තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් වාර්තා කිරීමට මේ වනවිට සමත් වී තිබේ.

තිරසාර වගාබිම් වැඩසටහන මේ යටතේ දියත් කරන ලද තවත් ප්‍රධාන පෙළේ වැඩසටහනකි. සිනමන් හෝටල් පිහිටි ප්‍රදේශ අවට ගොවිබිම් 28 ක් මේ සඳහා තෝරා ගන්නා ලද අතර, එම ගොවිබිම්වල මුළු වපසරිය අක්කර 19 කි. මෙය අදාළ ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය මාර්ග නගාසිටුවීමට මෙන්ම ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව වර්ධනය කිරීමට මහෝපකාරී වී ඇත. මෙම වැඩසටහන ඔස්සේ නවීන කෘෂිකාර්මික භාවිතයන් වන බින්දු ජල සම්පාදන ක්‍රමය, කෘමි විකර්ෂක දැල්, පොලිතීන් වැසුම් (පොලිමල්ච්) සහ විසුරුම් ජලසම්පාදන ක්‍රමය වැනි ක්‍රම භාවිතා කිරීම සඳහා අවශ්‍ය උපකරණ, තාක්ෂණික සහය සහ මග පෙන්වීම ගොවීන් වෙත ලබා දෙන ලදි. මෙහි අමතර පියවරක් වශයෙන්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී මගින් රණාල ප්‍රදේශයේ ද, කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් මගින් පන්නල ප්‍රදේශයේද ආදර්ශ ගොවිපොළවල් ස්ථාපිත කරන ලද අතර, සිනමන් බෙන්තොට බීච් සහ සිනමන් ලොජ් හබරණ යන හෝටල් මගින් හරිතාගාර ඉදි කරන ලදි. මෙම වැඩසටහන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසකට ස්වයං-පෝෂිත තත්ත්වය ළඟා කර ගැනීමට මහෝපකාරී වී ඇති අතරම, සේවක සේවිකාවන්ට, මහ ජනතාවට සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කෘෂිකාර්මික ක්‍රමවේදයන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමට ලැබෙන අගනා අවස්ථාවක් බවට ද පත් වී තිබේ.

2022 ජාතික ළමා දින වැඩසටහන්වලට සමගාමීව, ජෝන් කීල්ස් සමූහයට අයත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සහ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් යන සමාගම් සමග එක් වී ‘පාසල් දිරිය’ වැඩසටහන ආරම්භ කරන ලදි. මේ යටතේ බස්නාහිර, නැගෙනහිර සහ දකුණ යන පළාත්වල පාසල් 11 ක සහ උතුරුමැද පළාතේ පෙරපාසල් 3 ක දරුවන් 2,951 දෙනෙකුට දිවා ආහාරය ලබාදීම සිදුකෙරේ. එමෙන්ම 2023 මාර්තු මාසය වන විට, පාසල් 10 ක මුළුතැන්ගෙවල් ඉදි කර තිබූ අතර, ආහාරවේල් 125,977 ක් නොමිලේ ලබා දී තිබිණි. මීට අමතරව දරුවන්ට දිගින් දිගටම පෝෂ්‍යදායී ආහාරාපාන ලබා ගැනීමට හැකි වීම සඳහා එක් පාසලක ගෙවතු වගා නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා පාසල් භූමිය සකස් කිරීමේ දී දරුවන් හා ගුරුවරුන් පමණක් නොව දෙමාපියන් ද ඉමහත් උනන්දුවෙන් ඊට සහභාගී වූ අතර, එහි ප්‍රථම අස්වැන්නෙන් දරුවන් 126 දෙනෙකු සඳහා ආහාර පිළියෙල කිරීමට හැකි විය.

‘අධ්‍යාපනය’ අංශය යටතේ ජෝන් කීල්ස් පදනම මේ වනවිට ආර්ථික දුෂ්කරතාවන් සහිත ප්‍රජාවන්ගේ දරුවන්ට අඛණ්ඩව තම අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවා ඇත. පූර්ව-සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂණ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන, උසස් පෙළ හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යාධාර ලබාදෙන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන සහ හඳුනා ගත් පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් උපාංග සහ ඩේටා පැකේජ ලබාදෙන ඩිජිටල් ඉගෙනුම් වැඩසටහන ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. 2022/2023 මූල්‍ය වර්ෂයේදී මෙම වැඩසටහන් මගින් සිසු සිසුවියන් 1,140 කට තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අත්වැලක් හිමි වී තිබේ. මීට අමතරව, දීර්ඝකාලීනව පාසල් වසා තැබීම සහ ක්‍රියාකාරකම් සීමා වීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වූ දරු දැරියන්ගේ හා තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් තවත් වැඩසටහන් මාලාවක් ද ක්‍රියාවට නංවන ලදි.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි තරගාවලි ජයක්
Next Article රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වාට
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.