Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » LEED+ උතුරු පළාතේ තිරසාර ජීවනෝපායන් නිර්මාණය කරමින් වසර 12ක ගමනක් – ILO දැනුම සංසදය
Financial 4 Views

LEED+ උතුරු පළාතේ තිරසාර ජීවනෝපායන් නිර්මාණය කරමින් වසර 12ක ගමනක් – ILO දැනුම සංසදය

Buzzer EditorBy Buzzer EditorJune 6, 2023No Comments5 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය තුළින් දේශීය ප්‍රජාව සවිබල ගැන්වීමේ (LEED+) ප්‍රමුඛතම ව්‍යාපෘතිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් දෙදිනක් පුරා පවත්වන ලද දැනුම් සංසදය ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම ව්‍යාපෘතියේ ආරම්භක පියවර 2011 වසරේදී තබන ලද අතර එම ව්‍යාපෘතිය සාර්ථක ලෙස උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නිමා කිරීමට බලාපොරොත්තු වේ.

මෙම දැනුම් සංසදය , වසර 12ක් පුරාවට ග්‍රාමීය ජනතාව වෙනුවෙන් තිරසාර වූ යහපත් රැකියා අවස්ථා නිර්මාණය කළ දීර්ඝ ව්‍යාපෘතියේ කූටප්‍රාප්තියකි. මෙමගින් කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි පාර්ශවයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මෙම LEED+ ව්‍යාපෘතිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි ”සාමය සහ නම්‍යශීලිභාවය වෙනුවෙන් ගෝලීය රැකියා පිරිනැමීමේ වැඩසටහනෙහිම” කොටසක් වේ. ඒ සඳහා ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ මෙන්ම නෝර්වේ රජයේ ද සහය හිමිවූ අතර , අදාළ රාජ්‍ය ආයතන , පෞද්ගලික අංශය මෙන්ම බිම් මට්ටමේ ආයතන සමගද මනා සහයෝගීතාවයක් සහිතව ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගිතා ප්‍රථම ලේඛම්වරිය වන එරිකා සේමූර් විසින් මෙම ව්‍යාපෘතිය පිළිබ‍ඳ සිය අදහස් දක්වා ඇත. ”ජාතියක සාර්ථකත්වය රදා පවතින්නේ එහි කලාපවල සංවර්ධනය මතයි. මේ ව්‍යාපෘතිය මගින් උතුරු පළාතේ ජනතාවට ව්‍යාපාර වර්ධනයට සහ තිරසාර ආදායමක් උත්පාදනය කිරීමට අත්‍යවශ්‍ය කුසලතා ලබා දෙමින් ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කරනවා. පසුගිය වසර 12 තුළ ‘LEED+‘ වැඩසටහන මඟින් ව්‍යාපාර වර්ධනයට සහ තිරසාර ආදායමක් උත්පාදනය කිරීමට අවශ්‍ය දැනුම සහ නිපුණතා ලබාදෙමින් පවුල් 43,000කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. මෙමගින් උතුරු පළාතේ පෞද්ගලික අංශයේ ආයෝජන වර්ධනය වේ යැයි අපි අපේක්ෂා කරනවා ”.

ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වීජියානු තානාපති කාර්යාලයේ පළමු ලේඛම්වරිය මෙන්ම නියෝජ්‍ය දූත මණ්ඩල උපප්‍රධානියා වන හිල්ඩ් බර්ග් හැන්සන් මෙම ව්‍යාපෘතිය පිළිබඳ සිය අදහස් මෙසේ ප්‍රකාශ කළාය. “සිවිල් යුද්ධය අවසන් වී දශකයකට වැඩි කාලයක් ගත වී තිබුණ ද යුද්ධයේ දිගු කාලීන ප්‍රතිවිපාකයන්ගේ බලපෑමට උතුරේ ජනතාව අඛණ්ඩව ගොදුරු වී සිටිනවා. එම ප්‍රජාවන්ට සහාය වීම වෙනුවෙන් මෙම කලාපවල සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන් අතර සහයෝගීතාව ඉතා වැදගත්. එම ජනතාව නිපුණතාවලින් සන්නද්ධ කිරීම, ඔවුන් සවිබල ගැන්වීම සහ පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පහසුකම් සැලසීම ආදි කරුණු රැසක් සඳහා සැලකිය යුතු කාර්යභාරයක් LEED+ ව්‍යාපෘතිය මගින් ඉටු කරනවා.

මිලියනයකට අධික ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ උතුරු පළාත , 30 වසරක සිවිල් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස , සමාජ සහ ආර්ථික ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමේ බාධාවන්ට මුහුණ දී ඇත. විරැකියා සහ දරිද්‍රතා අනුපාත ඉහළ යෑම නිසා එම පළාත ශ්‍රී ලංකාවේ දුප්පත්ම කලාප අතරට ද එකතු වී තිබේ. මෙම තත්ත්වය අවම කිරීම සදහා LEED ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ උතුරු සමුපකාර අංශය පුනර්ජීවනය කිරීමේ උපාය සැලැස්මක් ක්‍රියාත්මක කෙරිණි. එමගින් කලාපයේ කුඩා පරිමාණ ගොවීන් සහ ධීවරයින් ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර සමඟ සම්බන්ධ කිරීමටද කටයුතු සම්පාදනය කෙරිණි. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ප්‍රජාව පළමු අදියරේ දී ලබා ගත් පාඩම් සහ සාර්ථකත්වය මත ගොඩනැංවීම සහ තෝරාගත් කෘෂිකර්මාන්ත සහ ධීවර අගය දාමයන්ගේ හවුල්කාරීත්වයට අවශ්‍ය පහසුකම් සැලසීම වැනි කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. එපමණක් නොව‍, නිෂ්පාදන සහ ආයෝජන යන දෙඅංශයම සමාන කොන්දේසිවලට අනුකූලව ආර්ථික වශයෙන් දිරිගැන්වීමේ සහ උත්පාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ව්‍යාපාරය තුළින් ජය අත්පත් කරගැනීම මෙන්ම , ඒ සමගාමීව සමාගම් පුළුල් කිරීම ඔස්සේ උතුරේ සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීමත් ,එමඟින් තවදුරටත් නව රැකියා අවස්ථා නිර්මාණයවීමත් මෙම ව්‍යාපෘතිය තුළින් ඇති වූ ධනාත්මක ප්‍රතිඵල වේ‍.

LEED+ ව්‍යාපෘතිය අවසන් වූ පසුවද එම ව්‍යාප්තියේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා ආයතනික ගතවූ සාර්ථක උපාය මාර්ග සැලැස්මක් සකස් කිරීම මෙම ව්‍යාපෘතියේ අවසන් වසර ප්‍රවිෂ්ටය තුළ සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන මූලික අරමුණ වේ. LEED+ ප්‍රවේශය මගින් එහි අන්තර්ගතවන ව්‍යාපාරික ආකෘතීන් ඔස්සේ, ව්‍යාපෘතිය මඟින් පොරොන්දු වූ අගය දාමයන් උත්තේජනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයන් පෝෂණය කෙරෙන අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස එමගින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ දිගුකාලීන ආර්ථික වර්ධනයට දායකත්වය සැලසේ. ව්‍යාපෘතිය මඟින් පෞද්ගලික අංශය සමඟ ද සහයෝගීතාව ඔප් නංවා ගනිමින් සෑම දිස්ත්‍රික්කයටම අදාළ විභව වටිනාකම් දාමයන් හඳුනාගෙන ඇති අතර, උතුරු පළාතේ ආයෝජනය වර්ධනය සඳහා මෙමගින් මග විවර කර ඇත.

දශකයකට වැඩි කාලයක් පුරාවට LEED සහ LEED+ ව්‍යාපෘතිය මගින් ජීවනෝපාය සහ රැකියා උත්පාදනය කේන්ද්‍ර කරගත් උපාය මාර්ග රැසක් ක්‍රියාත්මක කර ඇති බව මෙම ව්‍යාපෘති පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින කාර්යාලයේ අධ්‍යක්ෂිකා සිම්රින් සිං මෙසේ ප්‍රකාශ කළාය. මෙම ව්‍යාපෘතිය නව්‍ය මෙන්ම කලාපයේ යථාර්ථයන් මත පදනම් වී ඇති බවත් ,එහි සාර්ථකත්වය , සමුපකාර ධාරිතාව , උතුරේ සහ පෞද්ගලික අංශයේ නිෂ්පාදකයින් අතර සම්බන්ධතා ඇති කිරීම හරහා කෙටි කාලීන ජයග්‍රහණ පමණක් නොව දිගු කාලීන විසඳුම් ද ලබා දී ඇති බවත් , මෙම ව්‍යාපෘති තුළින් අවශ්‍ය ආධාරක සේවා, දැනුම , යෙදවුම් සහ වෙළෙඳපල සම්බන්ධකම් සහිත පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම මගින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය තවදුරටත් නොමැති අවස්ථාවක වුවද සුනිසි රැකියා අවස්ථා දිගටම කරගෙන යා හැකි බවත් ඇය සඳහන් කළාය. තවදුරටත් සිය අදහස් බෙදාගත් ඇය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යභාරය යනු සෑම කෙනෙකුටම වර්ධනය වී ජය ගැනීමට මෙන්ම අවසානයේ සෑම කෙනෙකුටම ඉදිරියට යා හැකි පරිදි ව්‍යාපාර ප්‍රජාවන්ට සම්බන්ධ කරන මූල බීජ රෝපණය කිරීමට පහසුකම් සැලසීම සහ අවස්ථාව ගොඩනැගීම ලෙස විග්‍රහ කළාය.

උතුරු පළාතේ දියත් කළ LEED+ ව්‍යාපෘතිය මගින් අනාවරණය කරගත් තොරතුරු මත පදනම්ව ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ සියලුම පාර්ශවකරුවන් ඒ ඒ කලාපවල විෂමතා ආමන්ත්‍රණය කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙමින් එම විවිධ කලාපයන්ගේ සහ ක්ෂේත්‍රයන්හි වෙනස් අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අනුවර්තනය වෙමින් රටපුරා පවතින ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියක අවශ්‍යතාව සඳහා දැඩි සේ පෙනී සිටියි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකාන්තා මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට වසර ගණනකට පසුව රන් පදක්කමක්
Next Article ගම්පොළ ප්‍රදේශය ආශ්‍රිතව ජුනි 5 රාත්‍රි​යේ භූ කම්පනයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.