බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රථම වතාවට ඉන්ධන මිල සැකැස්මේ පැහැදිලි සටහනක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගත්තේය.

එලෙස ඔහු ට්විටර් පණිවුඩයකින් කියා සිටියේ, “IOC භූමිතෙල් විකුණන්නේ නෑ, එමඟින් සෑහෙන්න පාඩුවක් සිදු වෙනවා. ඔවුන් ඉහළ මිළ ප්‍රමාණයක් ඇති අනෙකුත් නිෂ්පාදන ද අලෙවි කරනවා. CPC විසින් CEB, CTB, CGR සහ අනෙකුත් CPC වෙත මුදල් ගෙවිය යුතු රාජ්‍ය ආයතන වෙත සපයයි. කාර්ය මණ්ඩල සංඛ්‍යාව ද ඉතාමත් පුදුම සහගතයි. ”
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ දැනට දෛනික 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් අවශ්‍යතා වෙළඳපල කොටසෙන් 10% කටත් වඩා අඩු බවයි.

මේ දෙකේම මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම විසඳුමක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය අඩු මිල ගණන් යටතේ ඇති නිෂ්පාදන සඳහා කෘත්‍රිම ඉල්ලුමක් ඇති කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වත්මන් ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලද ප්‍රධාන කරුණු 07ක් පහත දැක්වේ.
- 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් දෛනික අවශ්‍යතා වෙළඳපල කොටසෙන් 10%කට වඩා අඩුය. මූලික නිෂ්පාදනවල මිල වැඩි කිරීමේ අදහස අපි ගවේෂණය කර ඇත්තෙමු.
- ප්‍රධාන දෙකෙහිම මිල සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම විසඳුමක් නොවනු ඇත. එය අඩු මිල නිෂ්පාදන සඳහා කෘතිම ඉල්ලුමක් ඇති කරනු ඇත.
- ඛනිජ තෙල් නිෂ්පාදන සැපයිය හැකි ඕනෑම අයෙකුට තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා CPC විසින් සති 3කට පෙර දැන්වීමක් පළ කරන ලදී.
- එවැනි යෝජනා 67 ක් ලැබී ඇති අතර, ඒවා සියල්ලම තාක්ෂණික කමිටුව විසින් ඇගයීමට ලක් කරන ලද අතර, 39 කෙටි ලැයිස්තුගත කර ඇත. පසුගිය අඟහරුවාදා ඔවුන් සියල්ලන්ම එකතු කර ඔවුන් සමඟ කතා කළා.
- අපි ඔවුන්ට අපගේ ගෙවීම් සිදුකළ හැකි සැලසුම්පත් සහ අපගේ අවශ්‍යතා පැහැදිලිව සන්නිවේදනය කළ අතර ඔවුන් සතුව තිබූ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නෙමු.
- ඊට අමතරව ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ බලශක්ති අමාත්‍යාංශය තෙල් නිෂ්පාදනය කරන රටවලින් ඔවුන්ගේ සහයෝගය සහ ණය ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇත.
- ඉහත අවශ්‍යතා සහ හොඳම මිල ගණන්වලට නිෂ්පාදන සැපයිය හැකි ඕනෑම අයෙකුට ඒවා ඇගයීම සඳහා බලශක්ති අමාත්‍යාංශයට හෝ CPC වෙත යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කරනු ලැබේ, එය අපි පැය 48කින් කරන්නෙමු.