කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (04) ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට හෙට පස්වරු 7.00 සිට අනිද්දා (05) වන දින පෙරවරු 5.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේ.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.