වර්තමාන යුද හමුදාපති වන විකුම් ලියනගේ මහතා හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යුද හමුදා පාබල රෙජිමේන්තු බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා හට අදාලව අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති මැන්ඩාමුස් ආඥාව පෙර ලෙසින්ම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර තිබේ.
මීට පෙර අවස්තාවක බ්‍රිගේඩියර් චන්දන රණවීර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමට කටයුතු කල අතර එම ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් වර්තමාන යුද හමුදාපති වන විකුම් ලියනගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ විශේෂ පෙත්සම (4/24) සම්බන්ධයෙන් පෙබරවාරි මස 01 දින තීන්දුව ලබා දෙමින්ය.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.