Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක

June 22, 2026

ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්

June 22, 2026

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක
  • ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
  • ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන
  • කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
  • මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට
  • ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Plasticcycle සහ The Pearl Protectors, “Cleaner Seabeds for Sri Lanka” වෙනුවෙන් අත්වැල් බැඳ ගනී
Financial 10 Views

Plasticcycle සහ The Pearl Protectors, “Cleaner Seabeds for Sri Lanka” වෙනුවෙන් අත්වැල් බැඳ ගනී

Buzzer EditorBy Buzzer EditorApril 28, 2023No Comments4 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සමුද්‍රීය සංරක්ෂණ සංවිධානයක් වන The Pearl Protectors සමග විශේෂ ගිවිසුමකට 2023 අප්‍රේල් 12 දින අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ දෙපාර්ශ්වය එක් වී ශ්‍රී ලංකාව වටා පිහිටා ඇති සංවේදී සමුද්‍රීය පරිසර පද්ධතිවල සහ ගල්පරවල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ඇත. “Cleaner Seabeds for Sri Lanka” ලෙස එම ගවේෂණාත්මක ව්‍යාපෘතිය නම්කර තිබේ.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් Plasticcycle ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකිරීමේ අරමුණිනි. The Pearl Protectors සමග අත්සන් තැබූ මෙම ගිවිසුම, Plasticcycle හි ඉදිරි ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25% ක්ම වෙරළ තීරය ආසන්නයේ ජීවත් වෙයි. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන‍ය (National Aquatic Research Agency – NARA) විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව, බස්නාහිර පළාතේ සාගර පතුළෙන් 80% ක්ම දූෂිත වී ඇත. මීට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ නිවෙස්වලින් සහ කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය සාගරයට එකතු වීම ය. මෙම අපද්‍රව්‍ය අතරින් දිය මත පාවෙනුයේ 15% ක් පමණක් වන අතර, ඉතිරිය සාගර පතුළේ තැන්පත් වේ. ලොව පුරා අත් හැර දමන ලද නයිලෝන් දැල් වැනි ධීවර ආම්පන්න අපද්‍රව්‍ය ටොන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සාගරයට එකතු වන බවට ගණන් බලා ඇත. මෙමගින් ලොව පුරා සාගර ජීවී වර්ග 550 කට අධික ප්‍රමාණයකට බරපතළ හානි සිදුවන බව සොයාගෙන තිබේ. The Pearl Protectors විසින් ශ්‍රී ලංකාවේ සාගර පතුළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කරන ලද්දේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

(වමේ සිට) හරිත වල්ගම්පාය (සන්නාමකරණ සහ සන්නිවේදන විධායක – Plasticcycle), පසන් සේනාධීර (සහකාර කළමනාකරු – මෙහෙයුම් – Plasticcycle), නිස්රීන් රේමන්ජී (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික මූල්‍ය, සමූහ බදු සහ සමාජ ව්‍යවසායකත්ව ප්‍රධානී), සුරේෂ් රාජේන්ද්‍ර (සමූහාධිපති – සංචාරක සේවා අංශය – ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය), මුදිත කටුවාවල (සම්බන්ධීකාරක – The Pearl Protectors), මලීෂා ගුණවර්ධන, එමිලි බෙයාලාග (Emily Berlage), රෝස් ප්‍රනාන්දු සහ අමිල සුමනපාල යන මහත්ම මහත්මීන්

“අපට Plasticcycle වෙතින් සහයෝගය ලැබුණේ ඉතාමත් වැදගත් අවස්ථාවකදීයි. මේ වනවිට ප්ලාස්ටික් ඇතුළු සමුද්‍රීය අපද්‍රව්‍ය නිසා සාගර පරිසරය බරපතළ ගැටලුවකට මුහුණ පා තිබෙනවා. මේ හවුල්කාරීත්වයත් සමග, ශ්‍රී ලංකාව වටා සංවේදී සමුද්‍රීය පරිසරය හැකිතාක් දුරකට යථා තත්ත්වයට පත්කිරීම අපගේ අරමුණයි.” The Pearl Protectors හි සම්බන්ධීකාරක මුදිත කටුවාවල මහතා පැවසී ය.

මේ වනවිට අපද්‍රව්‍ය කළමනාකරණයේ දුර්වලතා සහ සාගර ප්‍රවාහ වැනි සාධක හේතුවෙන් විශේෂයෙන්ම බස්නාහිර, නැගෙනහිර සහ දකුණ යන පළාත්වල සාගර පතුලේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව එක්රැස් වී තිබේ. ඉදිරි වසරේදී The Pearl Protectors විසින් Plasticcycle හි සහයෝගය ඇතිව මෙම සාගර පතුළ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරනු ඇත. මෙය එම ප්ලාස්ටික් ඉතා කුඩා අංශුවලට බිඳී ගොස් සාගර ජීවීන්ට හානි සිදු කිරීමේ ඉඩකඩ අවම කරන පියවරකි. ලොව පුරා ස්වේච්ඡා කිමිදුම්කරුවන්ට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ සාගරයන්හි ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට The Pearl Protectors සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ ව්‍යාපෘතිය ඔස්සේ, මෙතෙක් ගොඩබිම් ප්‍රදේශවල සිදුකළ පරිසර හිතකාමී ව්‍යාපෘතිවලින් ඔබ්බට යමින් සාගර පරිසරය පිරිසිදු කිරීමේ මෙහෙවරට උරදීමට අපට අවස්ථාව ලැබෙනවා. මෙමගින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදීමට අපට හැකිවනු ඇතැයි කියා මට විශ්වාසයි.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික මූල්‍ය, සමූහ බදු සහ සමාජ ව්‍යවසායකත්ව ප්‍රධානී නිස්රීන් රේමන්ජී මහත්මිය පැවසුවා ය.

Plasticcyle යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (පීඑල්සී) මගින් ක්‍රියාවට නංවා ඇති සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (පීඑල්සී) කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් අතර විශාලතම සමාගමයි. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන, වසර 150 කට අධික ඉතිහාසයක් සහිත ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමෙවර ජාතික වෙසක් උත්සවය හලාවත දී පැවැත්වීමේ තීරණයක්
Next Article මහනුවර, බදුල්ල හා කෑගල්ල හි දිස්ත්‍රික් 03ක් සඳහා පූර්ව නාය යෑමේ අනතුරු ඇඟවීම්
Buzzer Editor
  • Facebook

Related Posts

මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක

June 22, 2026

ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්

June 22, 2026

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක

June 22, 2026

ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්

June 22, 2026

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 22, 20260 Views

මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක

By Buzzer EditorialJune 22, 202600 Views

සිය කර්මාන්තය කරගෙනයාමට අදාළව නිසි වැඩපිළිවෙළක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙන් මාදැල් ධීවරයින්…

ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්

June 22, 2026

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක
  • ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
  • ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන
  • කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
  • මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට
  • ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.