කටුනායක අධීවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ රථවාහන තදබදයක් හටගෙන තිබේ.
පවතින වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් පොලිසිය සදහන් කළේ රථවාහන ගමනාගමනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.
එමෙන්ම පවතින වර්ෂාපතනය හේතුවෙන් අද (22) උදෑසන කොළඹ නගරය ආශ්‍රිත මාර්ග රැසක රථවාහන තදබදයක් නිර්මාණය වී පැවති බව ද අද දෙරණ වාර්තාකරුවන් සදහන් කළේය.


