ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තෙවන අදියර ලබන ජුලි 31 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
සැලසුම් වලට අනුව තරඟාවලිය ජුලි 31 වනදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ.
කණ්ඩායම් 5කින් සමන්විත තරඟාවලියේ මූලික තරඟ කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ අනෙකුත් තරඟ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
සම්පූර්ණ තරගාවලියේ තරග 24ක් පැවැත්වෙන අතර ජාත්‍යන්තර ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම ඉදිරි දවසක ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.