LGBTQ+ ප්‍රජාවට බලපාන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා හමුවන ලෙස ස්වාධීන මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එම ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
LGBTQ+ ප්‍රජාව ඇතුළු විවිධ මාතෘකා සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේය.
“LGBTQ ප්‍රජාව සම්බන්ධ කරුණු, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) සම්බන්ධ ප්‍රතිසංස්කරණ සහ උඩරට ප්‍රජාවට අදාළ මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය,” යයි ඔහු වැඩිදුරටත් පැවසීය.
යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළමු පිටපත තමා වෙත ලැබුණු බව ද ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා මේ අතරතුර පැවසීය.
LGBTQ+ ප්‍රජාව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තොණ්ඩමන් කියා සිටියේ ඉදිරියට පැමිණීමට කැමති සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව විවෘත කිරීමට අධිකරණ අමාත්‍යවරයා කැමැත්තෙන් සිටින බවයි.
මූලාශ්‍රය: ට්විටර්