ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරීන් පිරිසක් මීළඟ සතිය තුලදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ගෙරී රයිස් පවසනවා.
ඔහු පවසනා ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් ඇති කරගන්නා දිනයක් හෝ ලබාදෙන ණය මුදලේ ප්‍රමාණය පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැක.
මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ කාලසීමාව රඳාපවතින්නේ බලධාරීන් විසින් ඒ සඳහා යෝජනා කරනු ලබන ප්‍රතිපත්ති හා කැපවීමේ ශක්තිමත් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.