තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අග සිට තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් පවසනවා.
දෙරට අතර සංචාරක, ධීවර, කෘෂිකර්ම සහ වෙළෙඳ යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව සඳහා කැපවන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
දෙරට අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.