Author: Buzzer Editorial

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබේ. ඉරාන මාධ්‍ය කිහිපයක් ද මේ බව තහවුරුකර ඇත. ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කළේය. එහිදී ඊශ්‍රායලයේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයයි. එමෙන්ම ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යශ්ටික වැඩසටහනට සමබන්ධ විද්‍යාඥයින් රැසක් ද මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බව සඳහන්. ඊශ්‍රායලය මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය. IAF ජෙට් යානා යොදගනිමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර…

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව මගින් ප්‍රකාශයට පත්කළ තොරතුරු අනුව නිර්දේශ රැසක් එම අමාත්‍යාංශය විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු පවසා සිටියේ, කසල කලමණාකරනය නිසි පරිදි නොකිරීම තුළ සත්ත්ව ග්‍රහණය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන නිර්දේශ නිසි කසල කලමණාකරණය වන්ධ්‍යකරණ වැඩසටහන් වනජීවි කලමණාකරනයට අවශ්‍ය නීති රෙගුලාසි සත්ත්ව ගහණය වැඩි ප්‍රදේශවල ප්‍රජා භෝග ආරක්ෂණ කමිටු මෙම ජාතික සත්ත්ව සංගණනය කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු 15වනදා ක්‍රියාත්මක කළ අතර, එහි වාර්තාවේ තොරතුරු අද (12) ප්‍රකාශයට පත් කළේය. මෙම වාර්තාවට අනුව…

Read More

ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 91වන වියේ පසුවිය. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මෙරට 11 වන යුද හමුදාධිපති වේ.

Read More

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇත. යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 (මීටර් 190)ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී තිබේ. ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 240කට වැඩි පිරිසක් සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි හෝ වෙනත් හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත. යානය නේවාසික ප්‍රදේශයකට කඩාවැටී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. අහ්මදාබාද් ගිනිනිවීමේ සහ හදිසි…

Read More

මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට බුදු දහම ස්ථාපිත වුණි. අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකය. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ අදවන්…

Read More

මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසමට පහසුකම් සලසා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (09) ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට නියම කළේය. හරක් කටා සම්බන්ධ නඩුකරයක් අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකාර නඳුන් චින්තක හෙවත් හරක් කටා නමත්තාගෙන් එම කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළේය. ඒ අනුව එම කොමිසම නිලධාරීන්ට විත්තිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට…

Read More

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරුකර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත. පෙත්සම්කරු කියා සිටින්නේ අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර විස්සක…

Read More

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇත. ඒ අනුව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ලාල් සිරිවර්ධන මහතා පත්කර තිබේ. ඔහු කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ද කටයුතු කර ඇත. ඊට අදාළව සිදුකර ඇති ස්ථානමාරු වීම් සහ පත්කිරීම් පහතින් දැක්වේ. 01) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. මොහාන්ලාල් මහතා – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සිට…

Read More

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටීමට යන ආකාරය පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් ඇත. එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් පවතී. මේ අතර, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියොගේ ද එලෙසම පය පැටලී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉහත දැක්වෙන්නේ අදාළ වීඩියෝවයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරු වයස අවුරුදු 20 ක් වන ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More