Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

July 10, 2026

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
  • ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
  • රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්
  • සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
  • මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට
  • මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
  • මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 10
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
News 1 Views

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි

Buzzer EditorialBy Buzzer EditorialJuly 10, 2026Updated:July 10, 2026No Comments3 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මෙරට සහල් පරිභෝජනය බත් සඳහා පමණක් සීමා නොකර සහල් ආශ්‍රිත අනෙකුත් අතුරු නිෂ්පාදන සඳහා ද යොදා ගැනීමෙන් සහල් සඳහා වූ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නව ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි. 

පසුගිය කාලසීමාවේදී මෙරට වී නිෂ්පාදනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවත් සිය රජය විසින් එම ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

වී අතිරික්තයක් පවතින අවස්ථාවලදී ගොවියා මුහුණ දෙන අර්බුද මඟහරවා ගනිමින්, වී සඳහා වෙළඳපොළේ ඉහළ තරඟකාරීත්වයක් සහ සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේ දී මෙරට තුළ බත්වලට අමතරව සත්ව ආහාර, බියර්, වයින්, බිස්කට් සහ කේක් වර්ග ඇතුළු විවිධ අගය එකතු කළ නිෂ්පාදන සඳහා සහල් භාවිත කිරීමට සැලසුම් කර ඇති බවය. 

පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන විසින් සහල් ඇසුරෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර පාන වර්ග රැසක් දැනටමත් පර්යේෂණ මට්ටමින් සොයාගෙන ඇති අතර, ඒවා කඩිනමින් වාණිජමය වශයෙන් වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙමඟින් වී මිලදී ගැනීම සඳහා සාමාන්‍ය මෝල් හිමියන්ට අමතරව, වයින්, බිස්කට් මෙන්ම සත්ව ආහාර නිෂ්පාදකයන් ද තරඟකාරී ලෙස වෙළඳපොළට ඉදිරිපත් වන බැවින් ගොවීන්ට තමන්ගේ අස්වැන්න සඳහා වඩාත් සාධාරණ සහ ඉහළ මිලක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව වගා ඵලදායිතාව සහ මහන්සිය තවදුරටත් ඉහළ නංවමින්, මෙම නව වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වී වගාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

”අපේ සහල්වලින් ආහාර පාන බත විතරක් නෙවෙයි. සහල්වලින් තව අතුරු නිෂ්පාදන ගණනාවක් තිබෙනවා. අපේ වී නිෂ්පාදනය අඩු නිසා. සහල්වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. හාල්වලින් අනිත් නිෂ්පාදනය කරන්න තහනම්. ඇයි? අපිට හාල් මදි බත්වලට විතරක්. හැබැයි අපේ දැන් හාල් නිෂ්පාදන ඇති වෙලා තිබෙනවා. අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. ගැසට් එක අයින් කරලා හාල්වලින් බත් විතරක් නෙවෙයි හාල්වලින් අනිත් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදිහට හාල් වෙළඳපොළ වැඩි කරන්න ඕන.

තමුන්නාන්සේලා නිෂ්පාදනය කරනවා නම් ගොවිජනතාව විශාල අස්වැන්නක් ගේනවා නම් ඒක බතට විතරක් විතරක් වැඩියි. ඒ නිසා තව අතුරු, සත්ව ආහාර, එතෙන්ටත් අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදන. එතන්ටත් යන්න වෙනවා.. අපි දන්නවා ජපන් රටේ සහල්වලින් විශාල නිෂ්පාදන කරනවා. හැබැයි අපි සහල්වලින් බත විතරක් නිෂ්පාදනය කරන රටක් බවට පත්වෙලා තිබෙනවා. එතකොට හාල් වැඩි වුණොත් අර්බුද එනවා. ඒ නිසා අනිත් නිෂ්පාදනවලටත් යන්න ඕනේ.. අනිත් නිෂ්පාදනවලට ගියපුවහම ගොවි ජනතාවට තවත් තමන්ගේ වීවලට වැඩි මිලක් ගන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා තිබුණා ගැසට් එකක්, අනිත් නිෂ්පාදනවල තහනම් කරපු ඒ ගැසට් එක අපි අයින් කරා. සහල්වලින් බත් පමණක් නෙවෙයි, අනිත් නිෂ්පාදනත් කරන්න කරන්න පුළුවන් දැන්. තව වගා කරමු. තව අපේ කුඹුරේ අස්වැන්න වැඩි කරගමු. තව ඵලදායිතාවය වැඩි කරගමු. තව මහන්සි වෙමු. අපි නිෂ්පාදන වැඩි කරමු. අපේ රටට අවශ්‍ය වෙන නොයෙකුත් ආහාර වර්ග අපිට සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ දිශාවට අපි යන්න ඕන. 

අපේ පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන තිබෙනවා. ඒ ආයතනය සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. හැබැයි හොයාගත්තට වැඩක් නෑ. බිස්කට් හදන ඒවා තියෙනවා. කේක් හදන ඒවා තියෙනවා. අතුරු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හදනවා. හැබැයි ඒවා පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි ඒවා වෙළඳපොලට ගේන්න ඕන. එතකොට තමයි අපිට හාල්වලට විශාල වෙළඳපොලක් හැදෙන්නේ. එතකොට මෝල් හිමියන්ට ඇවිල්ලා ඒගොල්ලෝ වී මිලදී ගන්න පුළුවන් බත්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් වයින්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් බිස්කට්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් සත්ව ආහාරවලට. හොඳයිනේ. එතකොට විශාල වෙළඳපොළක් හැදෙනවා නේ. එහෙම වෙළඳපොළක් හරහා තමයි අපේ මේ වීවලට සාධාරණ මිලක් සහ වෙළඳපොලේ තරඟකාරීත්වයක් හදලා ඉස්සරහට යන්න පුළුවන්. ”
 

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට
Next Article රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්
Buzzer Editorial

Related Posts

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

July 10, 2026

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

July 10, 2026

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි

July 10, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 10, 20261 Views

මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්

By Buzzer EditorialJuly 10, 202601 Views

මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ. මීගමුව…

ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි

July 10, 2026

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

July 10, 2026

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි

July 10, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි – මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්
  • ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
  • රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්
  • සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
  • මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට
  • මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
  • මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.