Author: Buzzer Editorial

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟව සිටින ස්ථානය නිවැරදිවම දන්නා බවත් ඔහු පහසු ඉලක්කයක් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. නමුත් ඔහුව ඝාතනය නොකරන බවත් මේ මොහොතේ කිසිසේත්ම ඔහුව ඝාතනය කිරීමට යොමු නොවන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත. නමුත් මේ වනවිට ඉරානයේ උත්තරීතර නායකයා එහි ආරක්ෂිතව සිටින බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය සටහනෙන් පවසා තිබේ. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදුකරමින් පවසා ඇත්තේ මේ වනවිට ඉවසීමේ සීමාව අඩු වෙමින් පවතින බවය.

Read More

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි. නීති විරෝධී ධීවර කටයුතු නැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධ ගැටලු ආදී ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ වන විවිධ ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවේ අවධානයට යොමුකර තිබේ. මේ අනුව සාධාරණ ඉල්ලීම් පිළිබඳව සලකා බලා අදාළ පියවර ගැනීමට ජනාධිපතිවරයා…

Read More

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා එම කොමිසමේ නිලධාරීන් විසින් අද (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත. එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

Read More

අද (17) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. වයඹ පළාතේත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

Read More

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ. එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගිණුමක තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.

Read More

ඊශ්‍රායලය විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයට ප්‍රහරයක් එල්ල කර තිබේ. ඉරාන මාධ්‍ය පැවසුවේ, නිවේදිකාවක් ඊශ්‍රායලය පිළිබඳ සජීවී විවේචන ඉදිරිපත් කරමින් සිටියදී මෙම ප්‍රහරය එල්ලවූ බවය. ප්‍රහාරයෙන් පසු රූපවාහීනි මැදිරිය දූවිලිවලින් පිරී යන අයුරුද පටිගත වී තිබුණි. පසුව නාලිකාව සජීවි විකාශය හදිසියේම නවතා ඇති අතර කලින් පටිගත කරන ලද වැඩසටහන් විකාශය කිරීමට ආරම්භකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියට පැයකට පෙර, ඊශ්‍රායලය ටෙහෙරානයේ රූපවාහිනී මැදිරියෙන් ඉවත් වන ලෙසද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.

Read More

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි. කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන් හා උත්සව අවස්ථා සඳහා සහභාගී වීම හා දුරගමන්වල යෙදීම තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දී ඇත. එළිමහනේ දී ගැවසීමේ දී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායාපිටපතක් ලග තබා ගැනීම සිදුකරන ලෙස ද ලෙබනන් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

Read More

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි. මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.

Read More

ඉන්දීය යුද්ධ හමුදාධිපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදිගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයක යෙදුන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, පෙරේදා (14 ) දින දෙහේරාදුන් හි පිහිටි ඉන්දියානු යුධ හමුදා විද්‍යාපීඨයේ (IMA) පැවති කෙඩෙට් නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ලදී. 1990 වර්ෂයේදී ඉන්දියානු යුධ හමුදා විද්‍යා පීඨයෙහි පාඨමාලා අංක 31 (IMA – 31) තුළින් අධිකාරියට පත් වූ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ හට මෙන්ම ඉන්දියානු යුධ හමුදා විද්‍යාපීඨයටත් මෙය ඉතා සුවිශේෂි අවස්ථාවක් වු අතර එහිදී ඔහුගේ සමකාලීනයකු වූ ඉන්දියානු යුධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලුතිනන් ජෙනරාල් නාගේන්ද්‍ර සිං විසින් යුද්ධ හමුදාධිපති උණුසුම් අයුරින් පිලිගනු ලැබිය. මෙහිදී ඉන්දියානු…

Read More

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත. 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,318,769 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,477,088 ක් ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.8% ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇත. 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.7%…

Read More